දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක් - මොහාන් සමරනායක
Homeප්‍රවෘත්ති

‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක් - මොහාන් සමරනායක

PropellerAds

‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පල කලේය. එදා...

highway accident
ඡන්දෙන් පස්සේ මම දේශපාලනයෙන් සමුගන්නවා - රනිල්
ආරක්ෂක මණ්ඩලයේදී ජනපති ගත්ත අද සිට ක්‍රියාත්මක වන විශේෂ තීරණය මෙන්න
‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පල කලේය.

එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන්නට හැකි වුණේ විදේශ බාධා මැදයි.

ඒ වගේම මහින්ද රාජපක්‍ෂ රජය චීනය සමඟ රටේ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. විදේශ බලවේග චීනය ලංකාවේ මිත‍්‍රයෙක් වීම අනුමත කළේ නැහැ. යහපාලන ආණ්ඩු පෙරළිය විදේශ බලවේගවල ව්‍යාපෘතියක්. බලගතු රටවල් අවියෙන් හෝ මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවා. විදේශ බලවේගවලට අවනත, යටත් නොවන ආණ්ඩු වෙනස් කරනවා. රෙජීම් චේන්ජ් කියන්නේ මෙවැනි ව්‍යාපෘතිවලටයි. එදා සිටම යහපාලන ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ තමන් බලයට ගෙන ආ බලවේග සතුටු කිරීම සඳහායි. හැටදෙලක්‍ෂයක් වූ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නොවෙයි.

මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු බලවත් රටවල නායකයන්, නියෝජිතයන් වැලනොකැඞී ආවා. ඒ එන හැම නියෝජිතයෙක්ම කියන්නේ බලය බෙදන්න, නව ව්‍යවස්ථාවක් ගේන්න, යුද්ධය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරන්න කියලයි. ඒ ගමන තමයි දැන් යමින් සිටින්නේ. රටේ ආරක්‍ෂක හමුදා ත‍්‍රස්තවාදයට එරෙහි කළ සටනේදී මානව හිමිකම් කඩකළ බවට, යුද අපරාධ කළ බවට ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව මේ රජය කැමැත්තෙන්ම පිළිගත්තා. සෙසු කණ්ඩායම් සහභාගි කරගෙන ජනතාව මුලාකරගෙන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා. වක‍්‍ර මාර්ගයකින් අපේ රට විේදශ කොළනියක් කරා ගමන් කරමින් සිටිනවා.

රටේ ස්වාධීනත්වය රැක ගන්නවාද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.  ස්වාධීනත්වය අහිමි කර ගන්නවාද? අධිරාජ්‍යවාදීන්ට යටත් වෙනවාද? ජාතීන් අතර අසමගියක් ඇති කරගෙන රට ලිබියාවක්, ඉරාකයක් කර ගන්නවාද? ලෝකයේ කිසිදු රටකට, ජාතියකට නැඟීසිටින්නට බැහැ ස්වාධීනත්වයක් නැතිව. එවැනි රටක ඔබේ ¥ දරුවන් ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය ඉදිරියේ පවතිනවා. මෙවර සටන අවුල් කරන්න විවිධ බලවේග ඇවිත් ඉන්නවා. මේ සටනින් රටට හිතවත් බලවේග පරාජය කරන්න විවිධ අවතාර ඉන්නවා. නිවැරදි කඳවුර තෝරාගන්න. රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින කඳවුර තෝරා ගන්න. නිවැරදි කඳවුර තෝරා නොගතහොත් වෙන්නේ අපේ විනාශයයි.

– වියත්මග මාධ්‍ය ඒකකය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක් - මොහාන් සමරනායක
‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක් - මොහාන් සමරනායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIM_FQiKZ95rJwn1BH4_ZU6EZ76rKdi-Auz7dfsa892qdSqoIztMsxVKy1PI7rgNJb1EwZuRWg4ZuUzQA4M7wxTc9mJ83L_CapADsGlfM4QCEYp96-O3ayDXcJRtom3X53G3jfHiJEB8rB/s320/mohanwiyath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIM_FQiKZ95rJwn1BH4_ZU6EZ76rKdi-Auz7dfsa892qdSqoIztMsxVKy1PI7rgNJb1EwZuRWg4ZuUzQA4M7wxTc9mJ83L_CapADsGlfM4QCEYp96-O3ayDXcJRtom3X53G3jfHiJEB8rB/s72-c/mohanwiyath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_614.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_614.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy