පසුගියදා ඉල්ලා අස්වු චෝදනා නැති කබිර් හෂිම් මහතා ඇතුලූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට යලි අමාත්‍යධුර ලබා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ 10 පස්වරුවේ මාවනැ...
මාවනැල්ල සිව් කෝරළ එක්සත් බෞද්ධ සහන සේවා පදනම යනුවෙන් සංවිධානයක සිටින භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන පුරවැසියන් කිහිප දෙනෙකු විසින් මෙම මාධ්‍ය සාකච්ජාව මාවනැල්ල උතුවන්කන්ද ධර්ම¥ත විහාරයේ සංවිධානය කර තිබුණි.
මාධ්‍ය සාකජ්ජාවේ අරමුණ වුයේ මුස්ලිම් අන්තවාදීන් විසින් පසුගිය කාලයේ සිදු කරන ලද බුදු පිළිම කැඩිම පාස්කු ඉරු දින ප‍්‍රහාරය යන ආදියේදි සියලූ මුස්ලිම් ආමාත්‍යවරුන්ට චෝදනා එල්ල වු බවත් එහිදි වැරදි නොකරන ලද සිංහල වැඩි ජන්ද ප‍්‍රමාණයකින් පාර්ලිමේන්තුවට ගිය ආමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් පවා අස්විම ලංකාව ඉදිරියට පවත්වාගෙන යෑමේදි විශාල ගැටලූ සහගත තත්වයක් බව පෙන්වා දිමයි.
තවද කබිර් හෂිම් මහතා ද කිසිදු වරදකට සම්බන්ධ අමාත්‍යවරයෙක් නොවන බවත් එසේ හෙයින් ඒ මහතා නැවත සිය අමාත්‍යධූරය ලබා වැඩ කටයුතු කරන ලෙස මෙහිදි ඉල්ලිමක් කරන ලද්දේ පසුගියදා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලිමද සලකමින් බව මෙහිදි අදහස් දක්වන ලද මහා සංඝරත්නය පැවසීය.
එම මාධ්‍ය සාකජ්ජාව පැවැත්වෙන අතරවාරයේ කෑගල්ල තරුණ භික්ෂු සංසඳයේ හිමිවරුන් කිහිප දෙනෙකු මෙන්ම මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් තවත් තරුණ පිරිසක් එම විහාරස්ථානයට පැමිණ මෙම මාධ්‍ය සාකජ්ජාව සංවිධානය කර ඇත්තේ අන්තවාදීන්ට උඩ ගෙඩි දෙන කබිර් හෂිම් මහතාට හිතවත් ඔහුගේ ලේකම්කම දරණ හිමිවරුන් ඇතුලූ පක්ෂිකයන් පිරිසක් බව පවසමින් ඊට විරෝධතාවය පල කර අතර එහිදි උණුසුම් තත්වයක් හට ගත්තේය.
එම විරෝධතාවය හමුවේ මාධ්‍ය සාකජ්ජාවට සහභාගි වු සියලූ භික්ෂුන් වහන්සේලා මෙන්ම සිවිල් සංවිධාන පුරවැසියන් එම ස්ථානයෙන් පිට වි ගිය අතර එම අවස්ථාවට පැමිණ විරෝධතාවය පල කරන ලද හිමිවරුන් අතර සිටි මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මේ රැස්විමේ මාවනැල්ලේ වගකිය යුතු නායක හිමිවරුන් නැහැ මෙතන හිටියේ කවුද හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහත්තයාගේ පෞද්ගලික ලේකම් තනතුරු දරණ මේ මාවනැල්ලේ සිංහල මිනිස්සුන්ට අසාධාරණය කරමින් අන්තවාදින්ට උඩගෙඩි දෙන මේ පෙනි සිටින්නේ ජාතිවාදීන් වෙනුවෙන් යැයි පවසමින් සිය විරෝධතාවය පල කර සිටියා’
කෙසේ වෙතත් මෙම රැස්විම පිළිබඳව උතුවන්කන්ද ධර්මධුරත විහාරයේ භාරකාරිත්වය උසුලන නායක හිමියන් වන විජේරියේ විමල හිමියන් පැවසුයේ මෙවැන්නකි.
‘ස්ථානයේ කබිර් හෂිම් අමාත්‍යවරයා සුද්ධ කරන්න තිබුණු මාධ්‍ය සාකජ්ජාවක් නම් එකට අපි විරුද්ධයි. අපේ විහාරස්ථානය තුල මේ අවස්ථාව දුන්නේ සමස්තයටම එන්න පුළුවන් විහාරස්ථානයේ අවස්ථාව තිබුණු නිසා හැගි හෝරා යම් මතයක් රටට ගෙනියනවානම් ඒ මතය ඇති නොවෙන්න අපි කටයුතු කරනවා. මට කිවේ ප‍්‍රාදේශිය මහා සංඝරත්නය මධ්‍යස්ත මතයක් ගොඩ නගනවා කියලා. මම කිවා අන්තවාදය සම්බන්ධයෙන් යම් දෙයක් කියනවා නම් එකට පන්සලේ හිමිවරුන් හැටියට විරෝධතාවය පල කරන බවයි. රටට යම් කිසි යහපත් දෙයක් වන දෙයක් ඉදිරිපත් කරනවා නම් අපි එකට කැමැතියි කියා නමුත් මේ වු සිද්ධිය සම්බන්ධයෙන් අපි කණගාටුවට පත් වෙනවා. අපව රැවැට්ටිම සම්බන්ධයෙන්’ යැයිද පැවසීය.
මෙම විරෝධතාවය ඇති විමට පෙර මාවනැල්ල සිව් කෝරළ එක්සත් බෞද්ධ සහන සේවා පදනම වෙනුවෙන් කතා කරන ලද නායක හිමිවරු අතරින් මීපිටිය විහාරාධිපති පානගමුවේ ධම්මරතන හිමියන් වහන්සේ.
‘සිංහල මිනිස්සු පත් කරපු සිංහල මිනිස්සුන්ගෙන් ජන්දය අරන් මැති ඇමැතිකම් දරාපු විශේෂයෙන් අපේ කබිර් හෂිම් අමාත්‍යවරයා මේ අන්තවාදී කොටසටසට නොවටෙනවා කියන එක අපි සක් සුදත් සේ දන්නා දෙයක්. එල්.ටි.ටි. කියපු සියලූ දෙනා මුළු දෙමළ ජනතාව නොවෙයි. සිංහල අය අරගල කරගත්ත වේලාවේ සමස්ත සියලූ දෙනා ජනතා විමුක්ති පෙරමුණ වුයේ නැහැ එහෙමනම් මුස්ලිම් අන්තවාදින් ගණයට සියලූ මුස්ලිම් අය අයිති වෙන්නේ නැහැ. අපේ ත්‍රෛයිනිකායක මහා සංඝරත්නය මේ ඉල්ලා අස්විම රටට හොඳ නැහැ කියලා තියෙනවා අපේ ඉල්ලිමත් මේක හොඳ නැහැ පැවසීමයි. අපේ කබිර් හෂිම් අමාත්‍යතුමා මේ අන්තවාදි කොටසට වැටෙන්නේ නැහැ. කබිර් හෂිම් මහතා වාගේ අය අස්විම මුළු රටට පාඩුවක් එතුමා කවදාවත් අන්තාවදය එකතු වුනු උදව් කරන අමාත්‍යවරයෙක් නොවන බව මම සක් සුදත් සේ දන්නවා.
මෙම අවස්ථාවේදි හිමිවරුන් ලෙස ගල්බඩ පරණකුරු දෙකෝරළයේ ප‍්‍රධාන සංඝනායක හිගුල රාජමහා විහාරාධිපති උස්සාපිටියේ ධම්මදීන්න නායක හිමියන්ද එක්ව සිටි අතර උන් වහන්සේද පැවසුයේ කබිර් හෂිම් මහතාගේ ඉල්ලා අස්විම අනුමත නොකරන බවයි. ඒ නිසා නැවත මෙම අමාත්‍යධූරය ලබා ගන්නා ලෙස උන්වහන්සේ ද මාධ්‍ය සාකජ්ජාවේදි ඉල්ලීමක් කලා’
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
COMMENTS