ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ මාර්තු මස 16 වැනි දින පාසල් හා ආගමික ස්ථානවලට සිට මීටර් 500ක් ඇතුලක පවතින නීති විරෝධී ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ මාර්තු මස 16 වැනි දින පාසල් හා ආගමික ස්ථානවලට සිට මීටර් 500ක් ඇතුලක පවතින නීති විරෝධී සුරාසැල් වසා දමන ලෙස නියෝග කර තිබුණ ද තවමත් එම නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බවට මහජන අයිතීන් සුරැකීමේ පදනම චෝදනා කරයි.
ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
එම පදනම කියාසිටින්නේ මේ වනවිටත් මොරටුව දහම් පාසලක් ඇතුළුව කටුබැද්ද රෝමානු කතෝලික දේවස්ථානයටත්, මොරටුව බෞතීස්ම දේවස්ථානයටත් මීටර් 100ක් පමණ නුදුරින් නව සුරාසැලක් විවෘත කිරීමට නියමිත බවයි.
ඔවුන් මෙම ලිපිය ඔස්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පෞද්ගලිකව මෙම කාරණය පිළිබඳව සොයාබලා නිසි පියවර ගන්නා ලෙසයි.
එම ලිපිය පහතින්.
COMMENTS