දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකු වංචාවේ සැඟවූ පරීක්‍ෂණ වාර්තාව විමල් හෙළිකරයි 
Homeප්‍රවෘත්ති

මහ බැංකු වංචාවේ සැඟවූ පරීක්‍ෂණ වාර්තාව විමල් හෙළිකරයි 

PropellerAds

එදා ‘පුහුල් හොරො’ ‘කරෙන්’ දැනුණ සේ අද ‘බැඳුම්කර හොරා ‘පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම’ ලැබූ අධික ලාභයෙන් හෙළිදරව් වී ඇති බව ජාතික නිදහස් පෙරමු...

සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න - අර්ජුන ක්‍රීඩා අමැතිට කියයි
"ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් - මේක පුදුම වහල්කමක්"
ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද
මහ බැංකු වංචාවේ සැඟවූ පරීක්‍ෂණ වාර්තාව විමල් හෙළිකරයි 

එදා ‘පුහුල් හොරො’ ‘කරෙන්’ දැනුණ සේ අද ‘බැඳුම්කර හොරා ‘පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම’ ලැබූ අධික ලාභයෙන් හෙළිදරව් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

මහ බැංකුව විසින් සිදුකර අවසන්කර ඇති එහෙත් එහි ඉහළ නිලධාරියකු විසින් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකර සිය ලාච්චුවේ සගවා ගෙන සිටින පරීක්‍ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත අනාවරණය කරමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය. 

පසුගියදා බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව සිදුකළ විමල් වීරවංශ මහතා එහිදී මෙසේ ද පැවසීය. 

“හිටපු මහ බංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම මහ බැංකුව සමග සිදු කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරික්‍ෂණයක් සිදු කිරීමට එවැනි සමාගම් පිළිබඳ පරික්‍ෂණ සිදුකරන මහ බැංකුවේ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා. එම දෙපාර්තමේන්තුව විසින් ඉහත පරීක්‍ෂණය සිදුකර වාර්තාවක් නිකුත්කර තිබෙනවා. එම වාර්තාව මෙතෙක් මුදල් මණ්ඩලයට සලකා බැලීම සහ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකර, එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නිලධාරියකු තමන්ගේ ලාච්චුවේ ඇතුළේ තබා ගෙන සිටිනවා. වාර්තාව පසකස් කර ඇත්තේ 2016 සැප්තැම්බර් වලදීයි. මේ බැඳුම්කර ගනුදෙනුවලින් පසුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගෙවි ගීය වසර තුළ බිලියන 05කටත් වැඩි ලාභයක් උපයා තිබෙනවා. ඊට පෙර වසරවල එම සමාගමේ ලාභය මිලියන දෙක තුනක්. සේවකයන් 20ක් පමණයි සිටින්නේ. මේ කුඩා සමාගම ඩයලොග් සමාගමටත් වඩා වැඩි ලාභයක් මෙවර උපයාගෙන තිබෙනවා. මේ ලාභය මේ රටේ සියලූම බැංකු ලබා ඇති ලාභයටත් වඩා වැඩි ලාභයක්. 

“මේක අර්ජුන මහේන්ද්‍රන්ගේ තනි කොල්ලයක් නොවෙයි. මේක එකතු වෙලා කරලූ කොල්ලයක්. මේ අයුතු ලාභයෙන් ‘පුහුල් හොරා’ කරෙන් දැනෙන්නේ නැද්ද?’ මේ පරික්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. ‘මෙම ගනුදෙනුවේ වැරුද්ද, එම දෝෂ නිවැරදි කිරීමට ගත යුතු පියවර’ ආදිය. අද ඒ වාර්තාව හංගලා. එය ඉහළට යවන්නේ නැහැ. ඒ නිසා කාරණාව ඉතා පැහැදිලියි. කෝප් වාර්තාවත් බාලගිරි දෝෂය වගේ ‘අද නොවෙයි හෙට’ කියලා කල් යමින් තිබෙනවා. මේ බැඳුම්කර වංචාවෙන් කොල්ල කාපු මුදල් වලින් අර්ජුන ඇලෝෂියස් ළගදී හෙලිකොප්ටරයක් මිලදී ගත්තා. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5ක්. ඒත් රතු අලි පැටියා ‘මේ සල්ලි එයා හොරා කාපු සල්ලිද? කියලා අහන්නේ නැහැ. දැන් මේ හොරාකපු සල්ලිවලින් පත්තරයකුත් පටන් ගන්න හදනවා. මුද්‍රණ යන්ත‍්‍ර එහෙම රටින් ගෙනවිල්ලා සවිකර අවසන්. අපි අර්ජුන ඇලෝෂියස්ට සහ එතුමාගේ දේශපාලන නායකයන්ට යෝජනා කරනවා ඒ පත්තරේ නම දාන්න ‘බැඳුම්කරේ’ කියලා. ඒ බැඳුම්කර වංචාවෙන් ‘මාටියා ගහපු’ මුදලින් කොටසක් යොදවලා තමයි මේ පත්තරය පටන් ගන්නේ. රනිල් වික‍්‍රමසිංහගේ නැති ප‍්‍රතිරූපය ගොඩනංවන්නයි මේ පත්තරය පටන් ගන්නේ. අපි මේ රටේ පත්තර පාඨකයන්ටත් කියනවා ‘ඔය පත්තරය අච්චු ගහලා එන දවසට ඒකට අතවත් තියන්න එපා’ කියලා. දැන් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘මේ ආණ්ඩුව ඇලෝෂියස් ලවා හොරකම් කරගත් මුදල් තමන්ගේ ප‍්‍රතිරූපය ගොඩනංවා ගැනීමට සහ තමන්ගේ සුඛ විහරණයට යොදා ගන්න බව. අර අල්ලස් කොමිසමේ ඉන්න ‘ලලනාව’ නැහැ. ඒ අයගේ සංවේදී ඉන්ද්‍රියන් මේ කෙරෙහි යොමු වන්නේ නැහැ. මේක ආණ්ඩුවක් මහ දවල් කළ ලොකුම සොරකම. පුහුල් හොරු දැනුණේ කරෙන් නමුත් බැඳුම්කර හොරකම පෙනෙනවා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලැබූ අධික ලාභයෙන්. මේ පිළිබඳව අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ඉදිරියේදී තවත් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.’’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකු වංචාවේ සැඟවූ පරීක්‍ෂණ වාර්තාව විමල් හෙළිකරයි 
මහ බැංකු වංචාවේ සැඟවූ පරීක්‍ෂණ වාර්තාව විමල් හෙළිකරයි 
http://ift.tt/2dOgyY4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_774.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_774.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy