කිළිනොච්චිය රෝහල ඉදිරිපිටදී බීමතින් හැසුරුනු පිරිසක් විසින් පොලිසියේ නිලධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ...
කිළිනොච්චිය රෝහල ඉදිරිපිටදී බීමතින් හැසුරුනු පිරිසක් විසින් පොලිසියේ නිලධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රොහල් ගත කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
අද (25) සවස 5.30 ට පමණ උතුරේ හර්තාල් ව්‍යාපාරය සංවිධානය කළ පිරිසක් විසින් කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බීමතින් කෑ ගසමින් ඒ-9 මාර්ගය වැසීමට උත්සහ දරා ඇති අතර එය වැලක්වීමට ගිය කිලිනොච්චියේ පොලිස් නිලධාරියෙකුට එහි සිටි අයෙකු විසින් බොතල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම පොලිස් නිලධාරියා තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහලට ඇතුලත් කොට ඇත.
අදාල බෝතල් ප්‍රහාරය පොලිස් නිලධාරියාගේ මුහුණ ප්‍රදේශයට එල්ල වී ඇති අතර මුහුණේ කැපුම් තුවාල සිදුව ඇති බවත් මෙසේ තුවාල ලබා ඇත්තේ සැරයන් සමරවික්‍රම නැමැත්තෙකු බවට කිලිනොච්චිය රෝහල් පොලීසිය පැවසීය.
මේ වන විට කිලිනොච්චිය රෝහල ඉදිරිපිටින් එම පිරිස් ඉවත් වී ඇති අතර කිලිනොච්චිය ඉරණමඩු මංසන්ධියේදී ටයර් පුළුස්සමින් සිටින බවටත් එය මැඩ පැවත්වීමට කිලිනොච්චිය පොලීසිය පියවර ගනිමින් සිටින බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසි ය.
COMMENTS