දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්
Homeප්‍රවෘත්ති

ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

PropellerAds

සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ...

අලුතින් ප්‍රහාරක යානා ගන්න කැබිනට් අනුමැතිය
අනුර සේනානායක යළි රිමාන්ඩ් 
රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!
ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පෙන්වා දුන් ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත‍්‍රයකට නම් ඒ කාගේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බවයි.

ආණ්ඩුවට එරෙහිව ආරක්ෂක අංශ තුළ යම් මතයක් හැදීමට පරාජයට පත් රාජපක්‍ෂ කණ්ඩායම උත්සාහ දරන්නේ නම් කළ යුත්තේ, එම උත්සාහයන් පැරදවීම මිස පරීක්ෂණ පවත්වන ආයතන දුර්වල වන ලෙස හා අධෛර්යයට පත්වන ලෙස කටයුතු කිරීම නොවන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනය පහතින්,  

අපරාධ පිළිබඳ පරීක්‍ෂණ හා නෛතික කටයුතු දුර්වල කරන ප‍්‍රකාශ එපා!

ඊයේ (ඔක්.12) පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප‍්‍රකාශයක් අද (13) සියලූම පුවත්පත් ප‍්‍රධාන ශීර්ෂපාඨය සහිතව වාර්තා කර තිබේ. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන එම ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් ලෙස අපි දකිමු. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ වංචා, දූෂණ හා අපරාධවලට එරෙහිව යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දුන් ලක්ෂ 62ක ජනතාවගේ අභිලාශයට හා ජනවරමට ජනාධිපතිවරයා තම කතාවේදී අභියෝග කර තිබෙන බව පෙනේ. 

පසුගිය කාලය තුළ සිදු වූ වංචා, දූෂණ හා අපරාධ පිළිබදව පරීක්ෂණ පවත්වන ආයතන විසින් කරන කටයුතු වැරදියට අර්ථකථනය කරමින් ආණ්ඩුවට එරෙහිව ආරක්ෂක අංශ තුළ යම් මතයක් හැදීමට පරාජයට පත් රාජපක්‍ෂ කණ්ඩායම උත්සාහ දරන්නේ නම් කළ යුත්තේ, එම උත්සාහයන් පැරදවීම මිස පරීක්ෂණ පවත්වන ආයතන දුර්වල වන ලෙස හා අධෛර්යයට පත්වන ලෙස කටයුතු කිරීම නොවේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් අල්ලස හෝ දූෂණ කොමිසමත් දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව කටයුතු කරන්නේ දැයි ප‍්‍රශ්න කරන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සරල නැත. එය එසේ වන්නේ ඔහු වත්මන් ආණ්ඩුවේ නායකයාත්, රාජ්‍ය නායකයාත් වන නිසාය. ඉහත ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත‍්‍රයකට නම් ඒ කාගේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතුය. දැනටත් වත්මන් ආණ්ඩුවට සම්බන්ධව සිටින බරපතළ චෝදනා ඇති ඇමතිවරු කිහිප දෙනෙක් පිළිබදවම විවිධ දූෂණ චෝදනා ඇතත් ඒ ගැන පරීක්ෂණ නොපවත්වන බව රටම දනී. ඒවා සිදු වන්නේද දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව දැයි පැහැදිලි විය යුතුය. 

මෙහිදී ස්වාධීන කොමිෂන් සභා පිළිබදවද ජනාධිපතිතුමා සදහන් කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා පත්කරනු ලැබුවේ 19 වන සංශෝධනයට අනුව වත්මන් ආණ්ඩුවේද මැදිහත් වීම සහිතවය. එය ජනතාවගේත් සිවිල් සමාජ කණ්ඩායම්වලත් ඉල්ලීමක් වූ අතර ආණ්ඩුව ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක්ද විය. තනි පුද්ගලයෙක් විසින් ඉහත ආයතන මෙහෙයවනවා වෙනුවට සමහර අඩුපාඩු සහිතව වුවත් කොමිෂන් සභාවක් විසින් මෙහෙයවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත් කල හොද දෙයකි. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවලට සම්බන්ධ අය රාජ්‍ය පාලනය නොදන්නා අය ලෙස පවසා එම ආයතන හෑල්ලූ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. 

සැබෑ ලෙසම වංචාව දූෂණය හා අපරාධ පිළිබදව කරන පරීක්ෂණ දුර්වල කිරීමට හේතු වන සේ ඊට අදාළ ආයතන දුර්වල කිරීමට හේතු වන ප‍්‍රකාශ හෝ ක‍්‍රියාමාර්ග ජනවරමේ අර්ථයට පිටු පෑමකි. එසේම එය පසුගිය පාලන කාලය තුළ මහා පරිමාණ මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූවන් සතුටට පත් කිරීමක් හා පරීක්‍ෂණ පවත්වන ආයතනවලට එරෙහිව ඔවුන් නඟන බොරු චෝදනාවලට දිරි දීමකි. පරීක්‍ෂණ පවත්වන ආයතන අකී‍්‍රය කිරීමකි. දැන් වර්තමාන ආණ්ඩුවේ සමහර අයටද අල්ලස් හෝ දූෂණ චෝදනා, බලය අනිසි ලෙස යෙදවීමේ චෝදනා, එල්ල වීමට පටන් ගෙන තිබේ. ඒවා පිළිබදව පරීක්ෂණ පවත්වන ආයතන මෙලෙස බිය වද්දා දුර්වල කිරීම දැනටමත් වංචා දූෂණවල නියැලෙන හා ඉදිරියේ එසේ කිරීමට සැරසී සිටින අයට එවැනි අපරාධ කිරීම සදහා ඉඩ දීමක්ද වේ. 

එබැවින් පසුගිය කාලයේ මහජන මුදල් වංචා කළ, මූල්‍ය අපරාධ හා වෙනත් අපරාධවලට සම්බන්ධ අය පිළිබදව කරන පරීක්ෂණ හා නෛතික කටයුතු දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙසත් තවමත් පරීක්ෂණ පටන් ගෙන නැති එහෙත් මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ සියලූ දෙනා පිළිබදවද පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, ජනවරමට ගරු කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2016.10.13

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්
ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්
http://ift.tt/2eblrL5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy