කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ගැන පැහැදිලි විශ්වාසයක් ඇති බවත් මීට අදාළව විගණකාධිපතිවරයාගේ වාර්තාව කිසිසේත් වෙනස් කළ නොහැකි ...
කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ගැන පැහැදිලි විශ්වාසයක් ඇති බවත් මීට අදාළව විගණකාධිපතිවරයාගේ වාර්තාව කිසිසේත් වෙනස් කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ මුදල් අමාත්‍යංශයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකදී ය.
එසේම බැඳුම්කර සිද්ධියට අදාළව අවසන් තීරණයක් ගැනීම සඳහා ජනපතිට ද කමිටුවක් පත්කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
අදාළ වාර්තාව සැකසීමට එජාප මන්ත්‍රීන්ගෙන් තර්ජන එල්ලවීමේ සිද්ධියක් ගැන වාර්තා වී ඇති බවට මාධ්‍යවේදීන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයා ගැන සියළු පාර්ශවයන්ට විශ්වාසයක් ඇති බව හා ඔහු ඉන් නැඟිටයාම අනවශ්‍ය බවයි.
එසේම ඔහුගේ වාර්තාව පිළිගැනීමට සියළුදෙනා බැඳී සිටින බවත් කෝප් නීති රීති අනූව කටයුතු කළ බවත් එසේම මේ ගැන ජනතා සංවාදයක්ද ඇති විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
COMMENTS