දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක
Homeප්‍රවෘත්ති

කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක

PropellerAds

මහවැලි ගංගාවට මෙන්ම එහි අතු ගංගාවන් ආශ්‍රිත රක්ෂිත කලාප වෙත අනිසි අයුරින් කැළි කසල බැහැර කරන බවත් වර්ෂා කාලයේදී එම අපද්‍රව්‍ය ගංගාවෙත ගලා...

පැයකට ලිත්‍රො සභාපති වෙලා මං ගෑස් ප‍්‍රශ්ණය විසදුවා - රේණුක පෙරේරා
ජනාධිපතිට ධුර කාලය තවත් වසර දෙකක් දීර්ඝ කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. 2/3න් සම්මත කරන්නැයි කියයි
චීන පොහොර ගෙනාවේ ජනාධිපති ලේකම්ගේ ඥාති පුතෙක් – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක
මහවැලි ගංගාවට මෙන්ම එහි අතු ගංගාවන් ආශ්‍රිත රක්ෂිත කලාප වෙත අනිසි අයුරින් කැළි කසල බැහැර කරන බවත් වර්ෂා කාලයේදී එම අපද්‍රව්‍ය ගංගාවෙත ගලායන බව ඒ පිළිබද අධ්‍යනයක් කරන භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසයි. මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන පිඟාඔය ආශ්‍රිතව මෙම සංසිද්ධිය පැහැදිලිව දැකිය හැකි බවත් එවැනි අතු ගංගා බොහෝ විට කුණු කාණු බවට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය.
 
මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කදුකරය ආශ්‍රිත ජලාශවල විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් අපද්‍රව්‍ය ආදිය රැදි තිබෙනු දැකිය හැකි වේ. මහවැලි ගංගාවේ මෙය බහුලව දැකිය හැකි අතර පොල්ගොල්ල ජල හැරවුමේ මධ්‍යම වශයෙන් ද කොත්මලේ, රන්දෙණිගල හා රන්ටැඹේ ප්‍රදේශවල සුලු වශයෙන් මෙම සිද්ධිය හැකිය හැකිවේ.
 
ගංගාවක් මතුපිට භාරය, ද්‍රාවණ භාරය හා පතුල භාරය වශයෙන් ස්ථර තුනකින් යුක්තව පවතින අතර මේ වන විට ඒ ස්ථර තුනම ඝන අපද්‍රව්‍යවලින් යුක්ත යැයි සදහන් කළ  ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය මෙසේ සදහන් කළාය.
 
දැනට දශක කිහිපයකට ඉහතදී මෙවැනි ඝන අපද්‍රව්‍ය රැස්වීමක් සිදුවුණේ නැහැ. ඒ වෙනුවට මතුපිට ගලා ගියේ ස්වාභාවික ද්‍රව්‍ය පමණයි. එවැනි දේ දිරාපත්වුණු නමුත් වර්තමානයේදී ගංගා මතුපිට පවතින ද්‍රව්‍ය දිරිපත්වීමක් වන්නේ නැහැ.නමුත් අද සීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
 
මේ නිසා  ජලජ ජීවින්ට හා ජලජ ශාඛවලට සෘජු හානි සිදුවන අතර ජලය පාරිභෝජනය කරන මිනිසාට වක්‍ර හානි සිදුවෙනවා. ගංගා ජලය අපවිත්‍රවීම නිසා මිනිස් පරිභෝජනයට ගන්නා ජලය පිරිපහදු කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. 
 
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල කැළිකසල බැහැර කිරීම විධිමත් නොවන නමුත් ඔස්ට්‍රියාව, ජර්මනිය, නෝර්වේ, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල මෙවැනි ගැටලුවක් නැහැ. ජනතාව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබද දැනුවත් ව සිටින අතර දිරාපත් නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන පවා යළි සිය අපද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේද හදුන්වා දී ඇතැයි ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
mahaweli 1
mahaweli 2
mahaweli 3
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක
කැලි කසල හේතුවෙන් මහවැලි ගඟ දූෂණය වෙලා - ආචාර්ය ලලිතා දිසානායක
http://ift.tt/2zooXyR
https://i.ytimg.com/vi/gC86ZSDiy0M/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy