ඒකාබද්ධ විපක්‌ෂය සඳහා පාර්ලිමේන්තුවේ වෙනම නිල කාමරයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් ක...
ඒකාබද්ධ විපක්‌ෂය සඳහා පාර්ලිමේන්තුවේ වෙනම නිල කාමරයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් ද අයත් වන්නේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමට වන බැවින් එහි නායක ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඒ පිළිබඳ විමසිය යුතු යෑයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ගුණවර්ධන මහතාට පවසා තිබේ.
පසුගියදා පැවති පාර්ලිමේන්තු පක්‌ෂ නායක රැස්‌වීමේදී එම මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම කර ඇත.
අකිත පෙරේරා(දිවයින)
COMMENTS