රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට විදේශගතවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) අවසර ලබාදුන්නේය. ඒ, ඔහු මෝස...
රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට විදේශගතවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) අවසර ලබාදුන්නේය.
ඒ, ඔහු මෝසමක් මගින් අද සිට ලබන 30 වනදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ මෝසමකට අදාළවයි.
පසුගිය 2014 / 2015 කාලය තුළ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් රුපියල් එක්කෝටි 95 ලක්ෂයක් වටිනා ජීප් රථයක් ඔහු විසින් භාවිත කළ බවට අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම පසුගියදා නඩු පවරනු ලැබුවේය.
ඊට අදාළව ලබන 28 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසී නිකුත් කෙරුණු අතර, නඩු විභාගය ලබන ජනවාරි 23 වනදා යළි කැඳවීමටද අද තීරණය කෙරුණි.
COMMENTS