පා ර්ලිමේන්තුව එළැඹෙන මස 03 වනදා දක්වා කල් තබනු ලැබුවේ කෝප් කමිටු වාර්තාව සභාගත කිරීම වැළැක්වීමේ අරමුණින් නොවන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්...
පාර්ලිමේන්තුව එළැඹෙන මස 03 වනදා දක්වා කල් තබනු ලැබුවේ කෝප් කමිටු වාර්තාව සභාගත කිරීම වැළැක්වීමේ අරමුණින් නොවන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා. ඒ මාළඹේ ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් දැනට නඩුවක් පවරා ඇති බවත්, එහි ප්‍රධාන විත්තිකරු එහි නොමැති බවත් ප්‍රකාශ කළ අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඕනෑම නව ජනාධිපතිවරයෙක් පත්වීමෙන් අනතුරුව එම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, සාමාන්‍ය පෙළ විභාගය 12 වෙනිදා අවසන් වීමෙන් අනතුරුව නත්තල් සඳහා රටම සුදානම් වන බවත්, දීර්ඝ ලෙස සියලු දෙනා මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටි බවත්, එනිසා මාසයක් පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රායෝගික ක්‍රියාවක් බවත්ය.
එසේම පාර්ලිමේන්තුව 3 වෙනිදාට කල්දැමීම මහා ලොකු දෙයක් නොවන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, සියයට 3 ක ප්‍රතිශතයක් ඡන්දය ලබා ගෙන තාමත් පාඩම් ඉගෙන ගෙන නොමැති බවත්, අනවශ්‍ය දේවල් ප්‍රකාශ කිරීමට යෑමෙන් ඒ සියයට 3ත් අඩු වෙන බවත් එහිදී ප්‍රකාශ කළා.

COMMENTS