සතියේ සෑම අඟහරුවාදා දිනකම පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසු දේශපාලන කැබිනට් මණ්ඩලය වශයෙන් වෙනම විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ...
සතියේ සෑම අඟහරුවාදා දිනකම පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසු දේශපාලන කැබිනට් මණ්ඩලය වශයෙන් වෙනම විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
දේශපාලන වශයෙන් වැදගත් කාරණා සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ අනුව මින් ඉදිරියට සතියේ සෑම අඟහරුවාදා දිනකම උදය වරුවේ කැබිනට් රැස්වීම පවත්වා ඉන් අනතුරුව මෙම විශේෂ දේශපාලන කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අඟහරුවාදා උදය වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සංවර්ධන, ආර්ථික හා පරිපාලන කටයුතුවලට අදාල තීන්දු තීරණ ගැනීමත්, ඉන් පසුව පැවැත්වෙන දේශපාලන කැබිනට් මණ්ඩල රැස්වීමේදී දේශපාලන කරුණු පිිළිබඳව තීන්දු තීරණ ගැනීමත් සිදුකෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට අදාල යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
COMMENTS