මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාව එහි බ...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාව එහි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පිළිගෙන ඇත.
එම බැඳුම්කර නිකුතුව ගැන සිදු කරන ලද විමර්ශන වාර්තාව පිළිබඳ අවසන් එකඟතාවට පැමිණීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති හඳුනෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත් විය. එහිදී පසුගිය දිනවල කමිටුව විසින් බැඳුම්කර නිකුතුව ගැන සිදු කළ වාර්තාවේ කෙටුම්පත වර්තාවක් ලෙස පිළිගැනීම සඳහා වාර්තාවේ එකඟත්වය විමසා තිබේ.
එහිදී ජවිපෙ හා එජනිස මන්ත්‍රීවරුන් අට දෙනා මෙම වාර්තාව පිළිගෙන ඇති නමුත් එජාප මන්ත්‍රීවරුන් එකී වාර්තාව ප්‍රතික්‍ෂේප කළ බව කෝප් කමිටු ආරංචි මාර්ග පැවසී ය.
කෙසේ වෙතත් බහුතර එකඟතාවය වාර්තාවට ලැබී තිබෙන බැවින් එය ලබන 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයිද එම එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS