අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා යළි මැගසින් බ...
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා යළි මැගසින් බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.
පිටකොන්දේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන ඊයේ (23) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබිණි.
ඒ අනුව අද (24) මොවුන් දෙදෙනා වෛද්‍යවරුන් විසින් පරික්ෂාවට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් කසුන් පලිසේනගේ ආබාධ තත්ත්වය සුව අතට පත්විම හේතුවෙන් ඔහු යලිත් මැගසින් බන්ධනාගාරයට මාරු කර තිබේ.
එහෙත් අර්ජුන් ඇලෝසියස් තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS