දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමුහුන් අධිකරණයක් ඕනෑ - අධිකරණ ඇමැතිගෙන් විරෝධය
Homeප්‍රවෘත්ති

දෙමුහුන් අධිකරණයක් ඕනෑ - අධිකරණ ඇමැතිගෙන් විරෝධය

PropellerAds

මෙරට ගැටුම් නිරාකරණයෙහිලා සත්‍ය, යුක්‌තිය, සංහිඳියාව ඇති කිරීම සඳහා විදෙස්‌ විනිසුරුවරුන් ඇතුළු ජාත්‍යන්තර සහභාගිත්වයෙන් දෙමුහුන් අධිකරණ ක...

ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි
තලතාගේ ප‍්‍රහාරයෙන් SJB ඇතුලේ විශාල පිපිරුමක්... සුළු පක්‍ෂත් අඩිය පස්සට ගනී!
දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!
දෙමුහුන් අධිකරණයක් ඕනෑ - අධිකරණ ඇමැතිගෙන් විරෝධය

මෙරට ගැටුම් නිරාකරණයෙහිලා සත්‍ය, යුක්‌තිය, සංහිඳියාව ඇති කිරීම සඳහා විදෙස්‌ විනිසුරුවරුන් ඇතුළු ජාත්‍යන්තර සහභාගිත්වයෙන් දෙමුහුන් අධිකරණ ක්‍රමයක්‌ ඇති කළ යුතු බවට සිය බළකාය නිර්දේශ කර ඇති බව සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (05) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. 

විදෙස්‌ විනිසුරුවරුන් ඇතුළු විදෙස්‌ පහසුකම් මේ කාර්යයට අවශ්‍ය වනුයේ වින්දිතයන්ට මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව විශ්වාසය ඇති කිරීම සඳහා යැයිද පෙන්වා දුන් සරවනමුත්තු මහතා උතුරු නැගෙනහිර පමණක්‌ නොව දකුණෙන්ද විදෙස්‌ විනිසුරුන්ගේ සහභාගිත්වය ඉල්ලා සිටි බව ද කියා සිටියේය.

රජයේ වගකීමක්

ජනතාවට විශ්වාසය තහවුරු වූ පසුව විදෙස්‌ යාන්ත්‍රණය ඉවත් කළ හැකි බවද සිය කොමිසම වාර්තාව සකස්‌ කිරීම සිදුකරනු ලැබුයේ ආණ්‌ඩුවත්, මානව හිමිකම් කොමිසමත් අතර ඇතිකරගත් ජිනීවා සම්මුතියට අනුව බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කොමිසම ආණ්‌ඩුව විසින් පත් කළද, සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය සමඟ හිඳ මධ්‍යස්‌ථව වාර්තාව සකස්‌ කළ බවද එහි නිර්දේශ පිළිගැනීම හෝ නොපිළිගැනීම රජයේ වගකීමක්‌ යැයි ද සරවනමුත්තු මහතා පැවසී ය.

රජය විසින් යෝජනා කර ඇති සත්‍ය, යුක්‌තිය, සංහිඳියාව හා නැවත ගැටුම් ඇතිවීම වැළැක්‌වීම පිළිබඳ කොමිසම අතුරුදන්වූවන් සඳහා කාර්යාලය, පනත් සම්පාදනය සඳහා කාර්යාලය හා විශේෂ උපදේශකයන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මහජන අදහස්‌ ලබා ගැනීමට හා විකල්ප ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ජාත්‍යන්තර සහභාගිත්වය අවශ්‍ය බවත් එයට තාක්‌ෂණික හා විනිසුරුවරුන් ඇතුළු අංශ ඇතුළත් වන බවත් සරවනමුත්තු මහතා වැඩිදුරටත් පැවසී ය. 

ව්‍යවස්‌ථාවේ වෙනස්‌කම් කළ යුතුයි

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම බළකායේ සභාපතිනි මනෝරි මුත්තෙට්‌ටුවේගම මහත්මිය සඳහන් කළේ සිය වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතියේ වෙනස්‌කම් හා ව්‍යවස්‌ථාවේ වෙනස්‌කම් පවා සිදුකිරීමට අවශ්‍ය බව යි.

එමෙන්ම පවතින නීතියෙන් කළ හැකි දේ රැසක්‌ද පවතින බවද පීඩාවට පත්වූ ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම, නිවාස තනාදීම ඇතුළු පහසුකම් ඇති කිරීම අවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය.

සිය නිරීක්‍ෂණ හා සාක්‌ෂි පිළිබඳව බරපතළ අවධානය යොමුකරන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බළකායේ සාමාජික චිරාත් රහීම් මහතා පැවසූයේ රාජ්‍ය හමුදා, පොලිස්‌, රාජ්‍ය නොවන ත්‍රස්‌ත කණ්‌ඩායම්, ජවිපෙ, ප්ලොට්‌, ඉන්දීය හමුදා ගැටුම් ඇතුළු සෑම අංශයක්‌ කෙරෙහිම අවධානය යොමු වූ බවද ඉන්දීය හමුදා ගැටුම් නිසා සිදුවූ විනාශයන් පිළිබඳව පුළුල්ව සොයා බැලිය යුතු බවත්ය.

මෙරට ගැටලු විසඳීමට ජගත් විනිසුරුවන් ඕනෑ නෑ

කෙසේ වෙතත් අද ජාතින පුවත්පතකට අදහස් දක්වමින් ධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරු අවශ්‍ය නොවන බවයි.

එසේ පැමිණෙන විනිසුරුවරුන් භාර ගන්නේ නැතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා තමා සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් එළිදැක්‌වූ වාර්තාව තවම අධ්‍යයනය නොකළ බවත් ජාත්‍යන්තර විනිසුරුවරුන් භාර නොගන්නා බවට ආණ්‌ඩුවේ පැහැදිලි ස්‌ථාවරයක සිටින බවද කියා සිටියේය.

“අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවත් ඒ සඳහා ප්‍රතිපාදන නෑ. දෙවනුව අපේ රටේ අධිකරණය හෑල්ලු කරන්න, බාල්දු කරන්න අපට බැහැ. ලෝකයේ ඕනෑම රටක විනිසුරුවරුන් සමඟ සමකළ හැකි විනිසුරුවරුන් අපේ රටේ ඉන්නවා. ඒ නිසා අපේ ප්‍රශ්න නිරාකරණය කරන්න විදෙස්‌ විනිසුරුවරු ඕනෑ නෑ. ඒ සඳහා අපි ඉඩ දෙන්නෙත් නෑ." යැයිද එහිදී විජයදාස රාජපක්‍ෂ මහතා අවධාරණය කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමුහුන් අධිකරණයක් ඕනෑ - අධිකරණ ඇමැතිගෙන් විරෝධය
දෙමුහුන් අධිකරණයක් ඕනෑ - අධිකරණ ඇමැතිගෙන් විරෝධය
http://ift.tt/2iX9cnF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_262.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_262.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy