ආණමඩුව, කොටවෙහෙර ප්‍රදේශයේදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ බිරිඳට අයත් බව කියන ලෑන්ඩ් කෘසර් ඩිස්කවරි රථයකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද...
ආණමඩුව, කොටවෙහෙර ප්‍රදේශයේදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ බිරිඳට අයත් බව කියන ලෑන්ඩ් කෘසර් ඩිස්කවරි රථයකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ පුතු සමග රියදුරු විසින් අදාළ රථය පදවාගෙන යමින් සිටි අවස්ථාවකදී ඊයේ රාත්‍රී 8.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
මේවන විට අමාත්‍යවරයාගේ බිරිඳ විසින් භාවිතා කළ බව කියන අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49ක පමණ ආණමඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
COMMENTS