දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දියාවට පක්ෂවුවහොත් වෙන දේ ගැන ගම්මන්පිල කියයි
Homeප්‍රවෘත්ති

ඉන්දියාවට පක්ෂවුවහොත් වෙන දේ ගැන ගම්මන්පිල කියයි

PropellerAds

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඉන්දියාවට පක්ෂපාතී තීරණයක් ගැනීම ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවට හිමිව තිබූ මධ්‍යස්ථභාව...

ෂරියා විශ්ව විද්‍යාලයෙන් විශාල මුදලක් ප‍්‍රධාන නායකයෙකුට..GMOA, NUTA හිස්බුල්ලාගේ අන්තවාදී උපාධි කඩය වහන්න පුනානි යයි
තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී
ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක් !
ඉන්දියාවට පක්ෂවුවහොත් වෙන දේ ගැන ගම්මන්පිල කියයි

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඉන්දියාවට පක්ෂපාතී තීරණයක් ගැනීම ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවට හිමිව තිබූ මධ්‍යස්ථභාවය බිඳ දැමීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සාර්ක් සමුළුව පැවැත්වීමට ඉන්දියාව විරෝධය පළ කළ බව සඳහන් කළ මන්ත්‍රීවරයා කියාසිටියේ එදා ලංකාව අසරණභාවයට පත්වූ විට පාකිස්ථාන අගමැතිවරයා පැමිණ ලංකාවට සහයෝගය පළ කළ බවත් ඉන්දියාව ලංකාව වර්ජනය කළ බවත්ය.

එ් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියාසිටියේ," නොවැම්බර් 9 සහ 10 දෙදින තුල සාර්ක් රාජ්‍ය නායක හමුව පකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණා.  ඉන්දියාව පකිස්තානය ආක්‍රමණය කරලා ප්‍රහාරයක් එල්ල කරලා ඊට පස්සේ සාර්ක් සමුළුව වර්ජනය කරනවා කිව්වා.  සාර්ක් ප්‍රඥාප්තියට අනුව සාර්ක් සමුළුව පැවැත්වීමට නම් සියළුම සාමාජික රටවල් සහභාගි විය යුතුයි.  එහෙම නම් ඉන්දියාව එන්නේ නෑ කියන්නේ සමුළුව පැවැත්වෙන්නේ නෑ කියන එකයි.  නමුත් සමුළුව නොපැවැත්වෙන බව දනිමින් පකිස්තානය රිදවන්න තමන්ගේ බලය යොදා භූතානය සහ බංගලිදේශය ලවා තමන් සහභාගි නොවන බවට ප්‍රකාශ කෙරෙව්වා.

ඉන්දියාවේ ඊළඟ ඉලක්කය වුණේ ලංකාව.  සාර්ක් සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කරන මෙන් ඉන්දියාව විසින් ලංකාවේ විදේශ අමාත්‍යාංශයට දැවැන්ත බලපෑමක් කලා.  මේ බලපෑම ඉදිරියේ දණ නමලා තමන් සාර්ක් සමුළුව වර්ජනය කරන බවට ලංකාව පසුගිය සැප්තැම්බර් 30 දා ප්‍රකාශයක් නිකුත් කලා.  ඒ ප්‍රකාශ නිකුත් කරන විටත් සාර්ක් සමුළුව පැවැත්වෙන්නේ නෑ කියන එක ලංකාව හොඳටම දන්නවා.  ඊට පැය කිහිපයකට පස්සේ පකිස්තානය සමුළුව කල් දමන බවට නිල වශයෙන් නිවේදනය කලා.

ලංකාව ඉන්දියාවේ පැත්ත අරන් පකිස්තානය රිදවීම රාජ්‍ය තාන්ත්‍රික වරදක්.  1991 දී ඉන්දියාව මේ දේ මේ විධියටම ලංකාවට කලා.  ලංකාවේ පැවැත්වීමට තිබුණු සාර්ක් සමුළුව ඉන්දියාව වර්ජනය කිරීමෙන් කඩාකප්පල් කලා.  ලංකාව අසරණ වුණා.  ඒ අවස්ථාවේ පකිස්තාන අගමැති කලින් යොදා ගත් පරිදි ලංකාවට ඇවිත් ලංකාවට සහයෝගය ප්‍රකාශ කලා.  එදා ඉන්දියාව අපට පහර දෙන විට ලංකාව ආරක්ෂා කල පකිස්තානයට අද ඉන්දියාව පහර දෙන විට අපි මිතුරා අමතක කරලා සතුරාගේ පැත්ත ගන්නවා. පකිස්ථානයට මේ දවස්වල හිතෙනව ඇත්තේ කළ ගුණ පස්සෙන් එලවනවෝ කියලයි.

පසුගිය 37 වසරක යුද ශාපයට අපි ගොදුරු වුණේ ඉන්දියාව නිසා.  ත්‍රස්තවාදින් පුහුණු කරලා අවි ආයුද ලබා දීලා ලංකාවට එව්වේ ඉන්දියාව.  ජාත්‍යන්තර තලයේ දී කොටි ත්‍රස්තවාදින් රැක ගත්තේ ඉන්දියාව.  ඉන්දියාව කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන විට පකිස්තානය ඉතිහාසය පුරාම ලංකාවේ පැත්තේ සිට ගෙන ත්‍රස්තවාදය මර්දනය කරන්න උදව් කලා.  ඒ නිසාම පකිස්තාන තානාපතිවරයා පවා ත්‍රස්තවාදින්ගේ ගොදුරක් වුණා.  එහෙම උදව් කරපු මිතුරාට එරෙහිව සතුරා සමග සිට ගන්න අපි කෙතරම් ගුණ මකු ජාතියක් වෙන්න ඕනෑ ද?

1971 දී ඉන්දු පකිස්තාන යුද්ධය ඇරඹුණු අවස්ථාවේ එය විසඳීමට මැදිහත් වුණේ ලෝක බලවතුන් නොව පුංචි ලංකාවයි.  අපට එහෙම කරන්න පුළුවන් වුණේ දෙපාර්ශවයම පිලි ගන්නා එකම රට බවට ලංකාව පත් වීමයි.  අපේ අගමැතිනිය සිරිමාවෝ මැතිණිය සාම දූතිය ලෙස මුළු ලෝකයම බැබලුවා.  නමුත් දැන් දෙපාර්ශවය ගැටුමකට සූදානම් වන විටම ලංකාව පැත්තක් ගත් නිසා මැදිහත්කරුවාගේ ඓතිහාසික කාර්යභාරය ලංකාවට අහිමි වෙනවා.

අපි දැක්කා මේ ආණ්ඩුව මුලින්ම රණවිරුවන් අල්ලාගෙන ගොස් කූඩුවේ දමනවා.  දෙමව්පියන්ට සිය දරුවන් යුද්ධයට යැවීම මින් එපා කලා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නාවුක හමුදාපතිවරු තුන් දෙනෙක් කූඩුවෙ දාල යුද්ධයට නායකත්වය දෙන එක මිනිසුන්ට එපා කලා.  දැන් පකිස්ථානයටත් කන හරහා පහරක් ගහල ආයෙ ලංකාව අමාරුවෙ වැටුනහම සහයට එන එකත් එපා කලා.  දැන් ඊලග පාර කොටි නැගිට්ටොත් අනිවාර්යෙන්ම යුද්ධ කරන්න දරුවො එන්නෙත් නෑ. යුද්ධයට නායකත්වය දෙන්න යුධ නායකයොත් ඉදිරිපත් වෙන් නෑ. රාජ්‍ය තාන්ත්‍රිකව ලංකාවට සහය දෙන්න කිසිම රටක් ඉදිරිපත් වන්නෙත් නෑ. එතරම් අසරණ තත්වයකට ආණ්ඩුව අද අපේ රට පත්කරල තියෙනවා" යනුවෙනි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාවට පක්ෂවුවහොත් වෙන දේ ගැන ගම්මන්පිල කියයි
ඉන්දියාවට පක්ෂවුවහොත් වෙන දේ ගැන ගම්මන්පිල කියයි
http://ift.tt/2dEiilG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy