මහ බැංකු බැඳුම්කරෙන් අර්ජුන් ගලවන බලපෑම් කතා නිසා කේන්ති ගිය සභාපති සුනිල් කෝප් කමිටුවෙන් ඉවත්ව යයි ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර...
මහ බැංකු බැඳුම්කරෙන් අර්ජුන් ගලවන බලපෑම් කතා නිසා
කේන්ති ගිය සභාපති සුනිල් කෝප් කමිටුවෙන් ඉවත්ව යයි
ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති පාර්ලිමේන්තුවේ විශේෂ කෝප් කමිටු රැස්වීමේදී දිගින් දිගටම එජාපයේ කණ්ඩායම විගණකාධිපති නිර්දේශයන් වෙනස් කිරීමට බලපෑම් කිරීම නිසා උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.
අද රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ රංජන් රාමනායක හා රාවුෆ් හකීම් හැර
කෝප් කමිටුව නියෝජනය කරන එක්සත්
එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර අර්ජුන් මහේන්ද්‍රන් අතින් වංචාවක් සිදුව ඇති බවට විගණකාධිපතිවරයා ලබාදී තිබුණ නිර්දේශ වගන්ති ඉවත් කරන්නට බලපෑම් කර ඇත.
එම අවස්ථාවේ දී කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේවා තමාගේ අදහස් නොවන බවත් විගණකාධිපතිගේ ස්වාධීන නිගමන නොතකා හරින්නට හැකියාවක් නැති බවත් කියමින් ඊට විරෝධය පළ කර ඇත.
නමුත් විකල්ප වාර්තාව අනුමත කරන ලෙස එජාප කණ්ඩායම දිගටම කතා කිරීම නිසා කෝප් කමිටු සභාපතිවරයා ලෙස හෘද සාක්ෂියට එකඟව තමාට නව වාර්තාව පිළිගත නොහැකි බව ඔහු දන්වා ඇත.
මේ ආකාර බලපෑම් සිදුකරන්නේ නම් අවශ්‍ය කෙනෙකු පත්කරගන්න යයි කියමින් කේන්තියට පත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සභාපති පුටුවෙන් නැගිට පිටව ගොස් ඇත.
සිද්ධියෙන් අනතුරුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා සිරස නාලිකාවට සිදු කර තිබුණ ප්‍රකාශය පහතින්
COMMENTS