ගුවන් යානයක් කඩා වැටී බ්‍රසීල ෆුට් බෝල් ටීම් එකක 75 ක් මරුට ගුවන් තොටුපළේ සිටි වීඩියෝව මියයන්නට පෙර ෆෙස් බුක් දාලා (video) බ්‍රසීල පාප...
ගුවන් යානයක් කඩා වැටී බ්‍රසීල ෆුට් බෝල් ටීම් එකක 75 ක් මරුට
ගුවන් තොටුපළේ සිටි වීඩියෝව
මියයන්නට පෙර ෆෙස් බුක් දාලා (video)
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ඇතුළු 81 දෙනෙකු රැගත් ගුවන් යානයක් කොළොම්බියාවේදී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 6 දෙනෙකු ජීවත් වන බවට තොරතුරු වාර්තාවී තිබේ. බේරුණ අය අතර
ක්‍රීඩකයින් නැත. දකුණු අමෙරිකානු
Medellin නගරය මුදුණින් ගමන් කරමින් තිබුණ මෙම යානය කඳුකර ප්‍රදේශයේ ගැට්ටක වැදී කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.කොලොම්බියාවේ මේ දිනවල පවතින අධික වර්ෂාව හා සුළි කුණාටුද මෙම ඝට්ටනය සිදුවන්නට හේතුවන්නට ඇතැයි සැලකේ.
ඇද වැටුණ යානය ගිනි ගනිමින් පවතිද්දී ගිලන් රථ මගින් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
සඳුදා ගමන සඳහා පිටත්වන්නට පෙර සාවෝ පාවුලු ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී වීඩියෝවක්ද පටිගත කර මෙම කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අතර එහි මරණයට පත්වූ ක්‍රීඩකයින් සිටී.
එම වීඩීයෝව පහතින්
COMMENTS