දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට
Homeප්‍රවෘත්ති

අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට

PropellerAds

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් පැවති නිලවරණයේදී ධනපාල එපිටවත්ත මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ එක්සත්...

ප්‍රවීණ සංගීත ශිල්පී ජනනාත් වරකාගොඩ අත්අඩංගුවට
ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..
ජිනීවාහිදී දෙවන වරටත් හොර රහසේම රට පාවා දීලා
අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් පැවති නිලවරණයේදී ධනපාල එපිටවත්ත මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඒකඡන්දයෙන් තේරී පත් වී තිබේ.

එම නිලවරණයේදී ඡන්ද හිමි ඡන්ද දායකයන් ප්‍රමාණය 76 ක් වූ අතර ඉන් 71 ක් ඡන්දය භාවිතා කිරීමට සහභාගි වූ අතර ඒ සියලු දෙනාගේ කැමැත්ත මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සභිකයන් හත් දෙනා සභාපති ධූරයට, උප සභාපති ධූරයට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරවලට තේරී පත් වූහ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අරනායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක අධිනීතිඥ නිමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, නායයාම වැනි දරුණු තත්ත්වයන්වලට මුහුණ දී තිබියදීත්, මෙම ජයග්‍රහණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ ජනප්‍රියතාවය නායගොස් නොමැති බව පැහැදිළි වන බවයි.

නව සභාපති ධූරයට පත් ධනපාල එපිටවත්ත මහතා මීට පෙර 1982 සිට 1988 දක්වා ද මෙම සමූපකාර සමිතියේ සභාපති ධූරය දරා ඇති අතර ඒ මහතා ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සමූපකාරය ඉවත් කර සමූපකාරය විනාශ කළ මහින්ද රාජපක්ෂ මහතා සමූපකාර ඡන්ද ජයග්‍රහණය ගැන උදම් ඇනීමෙන් පෙන්වන්නේ සිය ලැජ්ජා නැති කම බවයි.

අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමූපකාර සමිතිය බවට පත් වී ඇති බව පෙන්වා දුන් එපිටවත්ත මහතා අද වන විට මහින්ද රාජපක්ෂ පාලනයේ ඇති අපිළිවෙල, අකාර්යක්ෂම බව සහ දූෂණ හේතුවෙන් අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය එක් ලොරියක් පමණක් ඇති ආයතනයක් බවට පත් කර ඇති බවත්ය.

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලය පහතින් දැක්වේ.

ධනපාල එපිටවත්ත (සභාපති)

යූ.පී. විජේවර්ධන (උප සභාපති)

අධ්‍යක්ෂ මණ්ඩලය

ඩබ්ලිව්.ආර්.පී.සමරවර්ධන, ප්‍රියන්ත වික්‍රමසිංහ, ඊ.ප්‍රේමරත්න, කේ.ජී. ගුණවංශ, විජය දහනායක

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට
අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට
http://ift.tt/2eohH9M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy