දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ දඬුවම ලැබූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට
Homeගොසිප්

මරණ දඬුවම ලැබූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට

PropellerAds

මරණ දඬුවම ලැබ සිරගතවී කළකිරී බුද්ධාගම ගැඹුරින් හැදැරූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට හදිසි කෝපය නිසා සිදුවූ මිනීමැරුමක්...

නුගේගොඩ සයිටම් විරෝධී අන්තරේ රැලියේ කථාකරන්න දිනේෂුත් ඇවිත්
ඩෙංගු ආරක්ෂාවට පාසල් සිසුන්ට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න අවසර
වෛද්‍ය සංගමය වර්ජනය කල් දැම්මේ අගරදගුරුතුමන් නිසා
මරණ දඬුවම ලැබ සිරගතවී කළකිරී
බුද්ධාගම ගැඹුරින් හැදැරූ සිරකරු
අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට



හදිසි කෝපය නිසා සිදුවූ මිනීමැරුමක් මත මරණ දණ්ඩනය නියමවූ සිරකරුවෙකු සිරේදී ආගමික පොත පත කියවා දැඩි ලෙස ඒ ගැන හදාරා පසුව ජීවිතය වෙනස් කරගෙන ආගමික විභාග වලින්ද කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා අත්කරගත් අවස්ථාවක් මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් වාර්තා වෙනවා.
සිපිරිගේ දහම්පාසලේ
නේවාසික ගුරුවරයෙකුද ලෙස දැන් කටයුතු කරන මෙම පුද්ගලයා 2015 වසරේ පවත්වන ලද අභිධර්ම විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.

 2006 වසරේ දී පවුල් ආරවුලකට මැදිව ජිවිතයක් අහිමි කිරීමේ චෝදනාවට ඔහු වරදකරුවී සිරගත කර තිබෙන අතර 2007 වසරේ සිටම  බන්ධනාගාරයේ සිටම අභිධර්මය පිලිබඳ


පොත පත පරිශීලනය කරන්නට ඔහු හුරුවී තිබේ. විශේෂයෙන්ම පූජ්‍ය රෙරුකානේ චන්දවිමල හිමියන්ගේ පොතපත ඔහුගේ ජීවිතය වෙනස් කරන ලද කියවීම් බවට පත්ව ඇත.

 ධර්මානුකුල ජිවිතයකට හැඩගැසුණු ඔහු මුලින්ම සිරගෙදර සිට දහම්පාසල් විභාගයට 2012 වසරේදී පෙනී සිට තිබෙනවා.ඉන් අනතුරුව 2013 වසරේදී සහ 2014 වසරේදී තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ධර්ම විභාගවලටද කැමැත්තෙන් පෙනී සිට ඇත.2015 වසරේ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ අභිධර්ම ඩිප්ලෝමා විභාගයෙන් විශිෂ්ඨ සම්මාන ලබමින් දිවයිනේ තෙවන ස්ථානයට ඔහු පත්වූයේ එයින් පසුය.

බන්ධනාගාරයේ පවත්වාගෙන යන ශ්‍රී සුචරිතෝදය දහම්පාසලේ නේවාසික ගුරුවරයෙකු ලෙසත් ගිහිපිරිත් කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කරන ඔහු පසුගිය වසරේ වෙසක් පොහොය දිනයේදී මරණීය දණ්ඩනයෙන්  ජිවිත සමාව ලැබ දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා ඇත.

තමා කළ වැරදි පිළිබඳ ඇතිවූ කලකිරීම ධර්මානුකූල අවබෝධය තුළින් පහව ගිය බව ඔහු පවසා ඇත.
බන්ධනාගාර අධිකාරවරුන් පවසන්නේ ඔහුගේ යහපත් කල්ක්‍රියාව සම්බන්ධයෙන් සැමදෙනා පැහැදී සිටින බවවත් ඉදිරියේදී ඔහුට නිදහසක් ලබා දෙන්නට බලධාරීන් කටයුතු කරනු ඇති බවත්ය.
විවිධ හේතුමත සිරගත කිරීමෙන් පසුවත් තමන්ගේ වැරදි වලට පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත ඒ දේවල්ම කරන අය බහුල වටපිටාවක මේ පුද්ගලයා ලැබූ පුද්ගල සංවර්ධනය කාහටත් ආදර්ශයක් බවද බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඬුවම ලැබූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට
මරණ දඬුවම ලැබූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට
http://ift.tt/2djrwnD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_303.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_303.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy