'ආවා ගෲප්' පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම මේ දිනවල ක්‍රියාත්මක වී සිටින බවත් ඒ හේතුවෙන් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටි...
'ආවා ගෲප්' පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම මේ දිනවල ක්‍රියාත්මක වී සිටින බවත් ඒ හේතුවෙන් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පැවසීය.
මෙම කල්ලි විසින් ජනතාව බියවැද්දීම, මංකොල්ලකෑම, තර්ජනය කිරීම සහ විවිධ අන්දමින් බලපෑම් කිරීම සිදුකරන බව ඔහු කියාසිටියේය.
ජනතාව මේ පිළිබදව නිරන්තරයෙන් පොලීසියට පැමිණිලි කරන බවත් පොලීසිය ද එම පැමිණිලි විභාගකරන නමුත් සැකකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසියට නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ පිළිබදව තමන් පොලීසියෙන් විමසූවිට පොලීසිය ප්‍රකාශ කළේ මහජනතාවගෙන් පොලිසියට ලැබෙන සහය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී ඇති බව යැයි ද සභාපතිවරයා කියාසිටියේය.
ඔහු අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේ බලයක් ඇති පොලීසියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් ඔවුන්ගේ තර්ජනයන්ගෙන් පීඩාවිඳින යාපනයේ අහිංසක වැසියන්ට සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිකිරීම කෙතරම් භයානක කාරණයක් ද යන්න බලධාරීන් වටහා ගතයුතු බවයි.
දිනසේන රතුගමගේ
COMMENTS