අන්තර්ජාලය ඔස්සේ ඔන් ලයින් ක්‍රමයට විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචි කිරීම සහ දුම්රිය බලපත්‍ර ලබාදීම අද (08) සිට හඳුන්වාදෙනු ලබයි. ඒ, අදට ...
අන්තර්ජාලය ඔස්සේ ඔන් ලයින් ක්‍රමයට විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචි කිරීම සහ දුම්රිය බලපත්‍ර ලබාදීම අද (08) සිට හඳුන්වාදෙනු ලබයි.
ඒ, අදට යෙදී ඇති ජාතික විශ්‍රාම දින සැමරුම නිමිත්තෙනි.
මීට සමගාමීව විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වෙත තවත් කඩිනම් සේවාවන් කිහිපයක් අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ජාතික විශ්‍රාමික දින සැමරුම රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය - වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වෙන අතර ඊට 1,000ක පමණ විශ්‍රාමික ප්‍රජාවක් සහභාගිවීමට ද නියමිතය.
COMMENTS