අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව සිය ඉල...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව ආරංචි මාර්ග අනාවරණ කළේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පලවිය.
කෙසේවෙතත් ඇයගේ එම ඉල්ලා අස්වීමට මෙය ආසන්නතම හේතුවක් විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS