ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේ බෝක්කුවක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ පල්ලෙබැද්ද - වැලිගෙපො...
ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේ බෝක්කුවක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ පල්ලෙබැද්ද - වැලිගෙපොළ හරහා බලංගොඩට ගමන්ගන්නා මාර්ගයේ මෙය සිදුව ඇති බවයි.
එම මාර්ගයේ බඹරගස්තැන්න ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනය මෙසේ ඇණ හිට තිබේ.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ ගමන්ගන්නා වාහන ගොඩකවෙල හරස් මාර්ග හන්දියේ සිට ඇම්බෑවෙල හන්දිය දක්වා විකල්ප මාර්ග ඔස්සේ ගමන්ගන්නා ලෙසයි.
COMMENTS