වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ඉක්ම ගිය ද සිදු කළ දෙයක් නොමැති බවට හිටපු නායකයින් ප‍්‍රකාශ නිකුත් කළ ද වත්මන් රජය පසුගිය වසර දෙක පුරාවට...
වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ඉක්ම ගිය ද සිදු කළ දෙයක් නොමැති බවට හිටපු නායකයින් ප‍්‍රකාශ නිකුත් කළ ද වත්මන් රජය පසුගිය වසර දෙක පුරාවට ඉටුකළේ හිටපු නායකයා රට වෙනුවෙන් ඉටු නොකළ වගකීම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ඒවා ඇඟට නොදැනෙන, ඇසට නොපෙනෙන දේවල් වුව ද මාතෘ භූමියේ සහ අනාගත දරු පරපුරේ හෙට දවස වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ ජනතාවට අහිමිවී තිබූ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම රටට අහිමි වී තිබූ ජාත්‍යන්තර සහයෝගය රටට දිනා දීමට ද ඉකුත් වසර දෙක තුළ වත්මන් රජයට හැකි වූ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවකයින් 3828 දෙනෙකුට ස්ථීර පත්වීම් ප‍්‍රදානය වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණ ව්‍යාපාරය තුළදී දුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම පත්වීම් ප‍්‍රදානය කිරීමට පියවර ගැනිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව අද ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මාතෘ භූමිය වෙනුවෙන් වූ වගකීම් නිසි ලෙසම ඉටුකරමින් සිටින අතර ගුණාත්මක දේශපාලන සංකල්පයක් යටතේ රට ඉදිරියට ගෙන යමින් සිටින බවයි.
රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර උගත් තරුණ පරපුරේ අනාගතය සමග රට ගොඩනැගීමට ඉදිරියේදී කැපවන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS