උතුරේ අධිකරණවල විනිසුරුවරුන් සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබුනු පැමිණිල්ලක් මත www.newjaffna.net දමිළ...
උතුරේ අධිකරණවල විනිසුරුවරුන් සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබුනු පැමිණිල්ලක් මත www.newjaffna.net දමිළ වෙබ් අඩවිය වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව තුල අවහිර කිරිමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිල්ල ගැන පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා සදහන් කර ඇත.
අදාළ වෙබ් අඩවිය උතුරේ අධිකරණවල විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ අධිකරණ අමාත්‍යාංශය මෙම වෙබ් අඩවියේ පළ කරන ප්‍රවෘත්තිවල ගැටළු සහගත තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.
එමෙන්ම මෙම විමර්ශනයේදී අදාළ වෙබ් අඩවිය මෙරට ලියාපදිංචි වෙබ් අඩවියක් නොවන බවත් එය විදේශ රටක සිට මෙහෙයවන බවටත් තොරතුරු ලැබී ඇති අතර එම නිර්දේශය අනුව විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.
COMMENTS