තලාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පදවන ලද වාහනයක් රිය අනතුරට ලක්වීමෙන් පසුව කෝප වූ පිරිසක් විසින් ඔහුට දැඩි ලෙස පහර දීමක් සිදු කර තිබේ. එ...
තලාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පදවන ලද වාහනයක් රිය අනතුරට ලක්වීමෙන් පසුව කෝප වූ පිරිසක් විසින් ඔහුට දැඩි ලෙස පහර දීමක් සිදු කර තිබේ.
එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තඹුත්තේගම මල්වානගම ආසන්නයේ දී ප්‍රාදේශීය ලේකම්වරයා ගමන්ගත් වාහනයේ යතුරුපැදිකරු ගැටුණු අවස්ථාවේ ඔහු නොනවත්වාම වාහනය ධාවනය කර ඇති අතර පසුපසින් පන්නාගෙන පැමිණි පිරිසක් විසින් රථය නවත්වා ලේකම්වරයාට බරපතල ලෙස තුවාල වන අන්දමින් පහරදී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා ගේ පියාට හදිසියේ ඇතිවූ හෘදයාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට වාහනයේ යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි.
ඔහුගේ වාහනයේ පැති කණ්ණාඩිය යතුරුපැදියක ගැටී ඇති අතර ඔහු ඒ බව නොදැනීම හේතුවෙන් රථය නොනවත්වා පදවා ගෙනගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේ වෙතත් පහරදීමට සම්බන්ධ වන අත්අඩංගුවට ගත් අය පිරිස් සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් වරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවයි.
පොලිස් නිලධාරීන් සිදුවීම යට ගැසීම සඳහා පහර දුන් පිරිසට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවට ද ඔවුහු චෝදනා කරති.
එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා පැදවූ රථයේ කිසිම රෝගියෙකු නොසිටි බවත් ලේකම් වරයා පමණක් එහි සිටි බවත් ඔවුන් සඳහන් කරති.
COMMENTS