ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක කොටසක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී ඇති බව තෙත්බිම...
ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක කොටසක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී ඇති බව තෙත්බිම් උරුමය සංවිධානය සඳහන් කරයි.
මස්කෙළිය හා නල්ලතන්නියට අතර මැද ප්‍රදේශයෙන් මෙම අක්කර 82ක ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක උරුම තත්ත්වය දැඩි අනතුරකට ලක්විය හැකි බවත් එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා ප්‍රකාශ කළේය.
මෙරට තුළ ක්‍රියාත්මක දුරකතන සමාගමක් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රීපාද කඳු මුදුනේ ආදම්ගේ පාසටහන් ඇති බවට විශ්වාස කර ඒ සඳහා ඉස්ලාම් බැතිමතුන් ගෙන්වාගැනීම සඳහා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකරන බවට වාර්තාවන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS