මාවනැල්ල, මේනේරිගම ව්‍යාපාරික නිවසක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් ශෂිම් ම...
මාවනැල්ල, මේනේරිගම ව්‍යාපාරික නිවසක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් ශෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු බව කියන අසේල බණ්ඩාර හා පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයකු යැයි කියන රෙජිනෝර්ඩ් ගමගේ ඊයේ (15) මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියන්ත බණ්ඩාර දිවුල්ගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
ඒ අනුව රුපියල් දසදහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත්, සෑම මසකම පළමුවන ඉරුදින සහ තුන්වන ඉරුදින පෙරවරු 10 ත් 12ත් අතර මාවනැල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS