නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් තමාට පහර දුන් බව කියන තරුණයා සහ ඔහුගේ පියා පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැ...
නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් තමාට පහර දුන් බව කියන තරුණයා සහ ඔහුගේ පියා පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ අනවශ්‍යය බව පවසා සිද්ධිය සමථයකට පත් කරගෙන ඇත.
පසුගිය 13 වැනිදා රාත්‍රියේ තමන් නිල රථයෙන් ආණමඩුව දෙසට ගමන් කරමින් සිටින විට මත්පැන් පානය කර සිටි තරුණයෙකු අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් කළ බව පවසමින් එම තරුණයාව පල්ලම පොලීසිය වෙත බාර දීමට රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතා කටයුතු කර තිබුණි.
රාජ්‍යය ඇමතිවරයා විසින් පල්ලම පොලීසිය වෙත බාර දී ඇත්තේ පල්ලම - පාසල පාර පදිංචි ගුණහේරත් මුදියන්සේලාගේ තුසිත මධුසංඛ නමැති තරුණයෙකුවය.
ඇමතිවරයා විසින් තමන් වෙත බාර දුන් තරුණයාව එදිනම රාත්‍රීයේ හලාවත මහා රෝහල වෙත ඇතුළු කිරීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒ ඔහු බීමතින් සිටියාද යන්න තහවුරු කර ගැනීම සදහාය.
14 වැනිදා පෙරවරුවේ හලාවත මහා රෝහල තුළදී පල්ලම පොලීසියේ නිලධාරියෙකුට ප්‍රකාශයක් ලබා දෙමින් රෝහල් ගත කර සිටි තරුණයා පවසා ඇත්තේ තමාට රාජ්‍යය ඇමතිවරයා පහර දී බලහත්කාරයෙන් ඔහුගේ රථයට දමාගෙන විත් පොලීසියට බාර දුන් බවය.
නමුත් රාජ්‍යය අමාත්‍ය්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ තමන් කිසිවෙකුට පහර නොදුන් බවත්, බීමතින් අනාරක්ෂිතව මාර්ගය හරහා ගමන් කළ අයෙකුගේ ජීවිතය බේරා ගෙන ඔහුව පොලීසියට බාර දීම පමණක් සිදු කළ බවය.
14 වැනිදා සවස පල්ලම පොලීසියට පැමිණ ඇති පහර කෑමට ලක්වූ බව කියන තරුණයා සහ ඔහුගේ පියා වන ගුණහේරත් මුදියන්සේලාගේ පියරත්න යන අය ප්‍රකාශයන් ලබා දෙමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු අවශ්‍යය නොවන බවය.
ඒ අනුව රාජ්‍ය්‍ය ඇමතිවරයා පහර දුන් බව කියන සිද්ධිය සමථයකට පත් වී ඇත.
නමුත් රෝහල් ගත කළ තරුණයාව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලද පසුව ඔහු බීමතින් සිටි බව තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව පල්ලම පොලීසියේ නිලධාරියෙකු පැවසීය.
ඒ අනුව සිද්ධිය පිළිබඳව පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම - ජුඩ් සමන්ත
COMMENTS