පසුගිය 23 වැනිදා මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තව...
පසුගිය 23 වැනිදා මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් පුද්ගලයෙකු අද (31) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවුම් නියෝග මත අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.
COMMENTS