දුම්වැටි සඳහා ඉදිරියේ දී 15%ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජ...
දුම්වැටි සඳහා ඉදිරියේ දී 15%ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩි වුවද බීඩි සහ සුරුට්ටු පරිභෝජනය වැඩිවී නොමැති බවයි.
ඒ අනුව සුරුට්ටු සහ බීඩි පරිභෝජනය ද අවම කළ යුතු බවත්, ඊට වඩා වැඩි හානියක් දුම්වැටි භාවිතා කිරීමේ දී සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය සියයට 4% සිට5% දක්වා අඩු වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
COMMENTS