කො ළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක්...
කොළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක් හේතුවෙන් මේ වන විට ජනතාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
කොළඹ නගරයේ ඇතැම් කාර්යාල වසා දමා සේවකයින්ට ආරක්ෂිතව ආයතන ඇතුළට වී සිටින ලෙස ආරක්ෂක අංශ දැනුම් දී ඇති බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.
මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව තාවකාලිකව වසා දමා එහි සේවකයින් මහ බැංකුව ඇතුළට වී සිටින බවයි. කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය අවට රථ වාහන ධාවනයද මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
සැක කටයුතු ලෙස ධාවනය වී ඇති මෝටර් රථයක් පිළිබඳව ආරක්ෂක අංශ එහිදී විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් ජාලයක ද මානව සම්පත් අංශය එහි සේවකයින්ට දැනුම් දී ඇත්තේ සිය ආයතනයෙන් පිටතට නොයා ආයතනය තුළ රැඳී සිටින ලෙසයි යනුවෙන්ද බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

COMMENTS