දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාව නිසා සෑම පුද්ගලයෙකුගේම ණය බරට 20,000 ක් එකතු කරලා 

PropellerAds

මාමා - බෑනා ගණුදෙනුව නිසා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව මඟින් සිදුවූ පාඩුව හේතුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුගේම ණය බරට අළුතින්  රුපියල් 20,000 ක් එකත...

කොරොනා නිසා මිය යන ඉස්ලාම් ජාතිකයන් ආගම අනුව අවසන් කටයුතු කල යුතුයි.. අල්ලාගේ ඉගැන්වීම එයයි - ජමිතුල් උලමා
දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක - වෙලදසැලක් වසා දමයි
තාවකාලිකව අද ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

මාමා - බෑනා ගණුදෙනුව නිසා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව මඟින් සිදුවූ පාඩුව හේතුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුගේම ණය බරට අළුතින්  රුපියල් 20,000 ක් එකතු කර ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

අද (27) දහවල් ජනතා බුද්ධි මණ්ඩපය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහා පෙන්වා දුන්නේ වත්මන් කෝප් කමිටුව තුළ අර්බුදයක් ඇති කර ඇත්තේ “දූෂණ විරෝධී ජිමික් දේශපාලනය “ විසින් බවයි.

එපමණක් නොව ව්‍යවස්ථාදායක සභාව විසින් සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳව මැනවින් සොයා බලා පත් කළ විගණාකාධිපති වරයා විසින් සකසන ලද වාර්තාව ද ඉතිහාසයේ ප්‍රථම වතාවට  ප්‍රශ්ණ කිරීම්වලට ලක්ව ඇත්තේද එම “ජිමික් දේශපාලනයේ “ප්‍රතිඵලයක් ලෙස බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.   

විගණකාධිපතිවරයා සිය අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නේ මැනවින් අපක්ෂපාතීව කරුණු සොයාබැලීමෙන් පසුව බවත් එලෙස සැකසූ වාර්තාවද එම චෝදනාවට ලක්ව ඇති ආයතන වෙත සහ එම ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමෙන් පසුව බවත් හෙතෙම සඳහන් කළේය. එලෙස සැකසූ වාර්තාවක් පවා ප්‍රශ්න කිරීම සඳහා කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් බලපෑම් කිරීම දූෂණයට එරෙහි වීම පසෙක තබා දූෂිතයින් රැකීමේ උත්සාහයක් බව පෙනී යන්නේ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්ය භාරය වන්නේ රාජ්‍ය ආයතන වල සිදුවන මුල්‍යමය කටයුතු අධීක්ෂණය කිරීම වුවද පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඇතැම් කෝප් කමිටු සාමාජිකයින් පෞද්ගලික සමාගමක් වෙත ඇගිල්ල දිගු කිරීමට කටයුතු කර ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. 

මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව  ක්‍රියාකර ඇති ආකාරය විමසනවාට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත චෝදනා එල්ල කිරීම විහිළු සහගත බව ද හෙතෙම සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසම බැදුම්කර සිද්ධිය ගැන ඉතා හොඳින්  පරීක්ෂණ ආරම්භ කළ බවත් එම පරීක්ෂණ පවා යට ගැසීමට ඇතැම් නිලධාරීන් උත්සාහ කළ බවද හෙතම සඳහන් කළේය. දිල්රුක්ෂී වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත්වීම හා බැඳුම්කර වංචාව හා සම්බන්ධ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට සිය හෘද සාක්ෂියට අනුව එම තනතුර දැරිය නොහැකි තත්වයක් උදා වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා “බැඳුම් කර වංචාවට පමණක් දෙවෙනි ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක නෑ. ඒ වංචාවට සම්බන්ධ නිලධාරින් සතුව ඔස්ට්‍රේලියාවේ ඉඩම් මිලදී ගැනීම් පිළිබදවත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ වනවිට මේ ගල් අඟුරු වංචාවට එරෙහි වීම නිසා ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති වරයා ඉවත්කිරීමේ කුමන්ත්‍රණයක් මේ වංචාකාරී නිලධාරිවාදය විසින් සිදුකරමින් ඉන්නවා. මොකද ලංකා ගල් අඟුරු සමාගමේ වත්මන් සභාපතිවරයා මෙම වංචා සහගත ක්‍රියාවලිය සිය විරෝධය ප්‍රකාශ කරලා තියෙනාව මේ නිසා ඔහුව ඉවත් කරමින් තමන්ගේ වංචාව කරගන යන්න උදව් කරනවා.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාව නිසා සෑම පුද්ගලයෙකුගේම ණය බරට 20,000 ක් එකතු කරලා 
බැඳුම්කර වංචාව නිසා සෑම පුද්ගලයෙකුගේම ණය බරට 20,000 ක් එකතු කරලා 
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/20000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/20000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy