ඇගයීම් මත ලකුණු දීමේ ක්‍රමවේදය හරහා ප්‍රථම වරට පැවැත්වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අපේක්‍ෂකයන් 20,187 දෙනකු පෙනී සිටි බව ශ්‍රී ලං...
ඇගයීම් මත ලකුණු දීමේ ක්‍රමවේදය හරහා ප්‍රථම වරට පැවැත්වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අපේක්‍ෂකයන් 20,187 දෙනකු පෙනී සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.
මෙවර විභාගය සඳහා ඉල්ලුම්පත් 22,353 ක් ඉදිරිපත්ව තිබූ අතර සියයට 90.3 ක් විභාගයට ඉදිරිපත්ව සිටියහ.
මෙම විභාගය 01 වැනිදා සහ 02 වැනිදා විභාග මධ්‍යස්‌ථාන හතරකදී පැවැත්විණි.
විභාග ප්‍රතිඵල ලබන 12 වැනිදා www.slbfe.lk වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.
ඉන්පසුව නිපුණතා පරීක්‍ෂණය ලබන නොවැම්බර් මස 17 සිට 22 වැනිදා දක්‌වා පැවැත්වේ.
කොරියාවේ රැකී රක්‍ෂා හා කම්කරු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව ඇගයුම් ලකුණු මගින් ශ්‍රමිකයන් බඳවාගන්නා අතර කිසිදු අතරමැදියකුට රැකියා ලබා දිය නොහැකි බැවින් වංචනිකයන්ට හසු නොවන ලෙස විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය දන්වා සිටී.
COMMENTS