දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)

PropellerAds

බණ්ඩාරනායක මහතා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියත්, මැතිනිය ආරක්ෂා කළ පක්ෂයත් දැන් එක්සත් ජාතික පක්ෂයට පූජා කර ඇති බව  හිටපු ජනා...

ඥානසාර හිමිගේ සැත්කම අද
1 වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට
විමල්ට අගමැති උදව් කළ හැටි රංගේ බණ්ඩාර හෙළි කරයි
මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)

බණ්ඩාරනායක මහතා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියත්, මැතිනිය ආරක්ෂා කළ පක්ෂයත් දැන් එක්සත් ජාතික පක්ෂයට පූජා කර ඇති බව  හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඇමැතිකම් දුන් විට ඒ ඇමැතිකම් ගත් සමහර අය දැන් කතා කරන්නෙ පසුගිය කාලයේ කැබිනට් එකේ හිටපු නැති විදියට. මට බනිනවා. අපහාස කරනවා. අපිට තිබෙන සැනසීම රටේ ජනතාව පමණයි“ යැයි හෙතෙම සඳහන් කළේය.

පෙරේදා (10) සවස හෝමාගම නගරයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ශ්‍රීලනිප හෝමාගම සංවිධායක, බන්දුල ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එය සංවිධාන කර තිබිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
“අපි මේ රැස්වීම මෙතැන පවත්වන විට එක්සත් ජාතික පක්ෂයේ අය ඔවුන්ගේ 70 වැනි සංවත්සරය ශ්‍රී ලංකාකාරයොත් එක්ක පවත්වනවා. ශ්‍රී ලංකා සමුළුව යූ.එන්.පීකාරයොත් එක්ක තිබ්බා. ශ්‍රී ලංකා-එක්සත් ජාතික පක්ෂ වෙනම පක්ෂයක් හදනවලු. එවිට නියම ශ්‍රීලංකාකාරයො ටික අපිට එකතු වෙනවා. රටට යහපතක් වුණේ ශ්‍රීලනිපයෙන්. කොටි සංවිධානය අපේ රටෙන් ඉවත් කළත් පිටරටවල තවමත් ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අපේ රටේ හමුදා කඳවුරු ඉවත් කරන්න එපා. ආයුධ විනාශ කරන්න එපා කියා මම කිව්වා. නිතරම සූදානමේ සිටින ලෙස කිව්වා. ඔවුන් මැලේසියාවේදී අපිට කිව්වෙ අපි තවම සිටිනවා කියලයි. විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී එළවන විට මැලේසියාවේ සිදුවූ දෙය දෙස බලන විට, ඒවා සුළුකොට තැකිය යුතු නැහැ.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට භාරදී තිබෙන්නෙ සාමකාමී රටක්. ඒත් අද බියෙන් සිටීමට සිදුවෙලා. ඔවුන් කරන දේ මුවාවෙන් රට බෙදන ක්‍රියාවට අපි විරුද්ධයි.
දැන් හැමදාම කියන්නෙ මහින්ද ගත් ණය ගෙවන්න තව හුඟාක් කල් යයි කියලයි. මිලියන 9000ක් කියනවා. නමුත් මේ අය ගත් ණය ඒ මුදලත් පන්නල. ඔවුන් ගත් ණයවලින් කළේ මොකක්ද? ජනතාව තවත් ණය කරනවා. වැට් බද්ද ගැහුවා. එයට විරුද්ධව කඩ වහපු හංසයාට ඡන්දය දුන් 6 දෙනකුගෙ කඩ තවමත් වසා දමලා. ආණ්ඩුවට පහර ගහල පත්තරවල පළ නොකරන ලෙස තර්ජනය කරනවා. පුවත්පත් අයිතිකරුවකුට බැන්නා. මේ රටේ මොකක්ද මේ වෙන්න යන්නෙ. ඒකාධිපති වැඩපිළිවෙළකටයි මේ රට යන්නෙ. ජනතාව එයට සූදානම් නැහැ.

මම අපි ගැන කියන්නෙ නැහැ. ගෙදර එනවා. ආපසු යනවා. හැබැයි අධිකරණයට ඇඟිලි ගහන්න එපා. එය ස්වාධීන විය යුතුයි. දැන් පීඩාවට පත් නොවූ එක මිනිහෙක්වත් නැහැ. අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් පළිගත්තෙ කවුද? ඔවුන්ගෙ නිල ඇඳුම කපල, පන්සලට ඇඳගෙන ගිය සිල් රෙද්දත් උදුර ගත්තා. මේ විදියට වැඩ කර හිඟන්නගෙ පාත්තරේටත් ගහනවා. මගේ කාලෙ ලාභයට දුන් ලුණු පොල්කට්ටටත් ගසා ජනතාව පීඩාවට පත් කරනවා. එෆ්.සී.අයි.ඩී. එකට නොගිය කෙනෙක් නැහැ. අල්ලස් කොමිසම, සී.අයි.ඩී.යත් ඒ තත්ත්වය. පොලිස්පති නීතිය නවනවා. මේකයි යහපාලනය.

කොළඹ නගරයේ අක්කර 450ක අලුත් නගරයක් හදන්න හැදුවා. ඒ ඉඩම්වල අයිතිය ලංකාවට තිබුණා. අද ඒ අයිතිය ගෙඩි පිටින් දීලා. මටයි බැන්නෙ. දැන් 99 අවුරුදු බදු දෙකක් දීලා. අපේ රටේ ගමේ වටිනාකම වැඩි කළා. වෙළෙඳ කලාප ඇති කළා. උතුර කියා අතහැරියෙ නැහැ. රටක් වශයෙන් දියුණු කළා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)
මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)
http://ift.tt/2cQhcIc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy