හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය හැර නොයන බව ප්‍රකාශ කර ඇති බවත් ඔහු කිසිමවිටක පක්ෂයට ද්‍රෝහිවන ආකාරයේ කිසිවක් සිදු නොකරනු ඇත...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය හැර නොයන බව ප්‍රකාශ කර ඇති බවත් ඔහු කිසිමවිටක පක්ෂයට ද්‍රෝහිවන ආකාරයේ කිසිවක් සිදු නොකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙහි සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධයවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී සභාපතිවරයා කියාසිටියේ," මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිසේත් පක්ෂය දාලා යන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. අපෙත් ලොකු විශ්වාසයක් තියෙනවා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහිවෙන වැඩක් මහින්ද රාජපක්ෂ මහත්මයා අතින් සිදු නොවෙයි කියලා" යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණවලදී අත ලකුණින් තරඟ කිරීමට තීරණය කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ මතයට ගරුකරන බව පෙන්වන සාක්ෂියක් බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS