වා ණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාත...
වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි. එසේ ඉල්ලා අස් නොවුනොත් එම විශ්වාසභංගයට පක්ශව තමන් ද ඡන්දය ලබා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම තීරණය තමන් පුද්ගලිකව ගත් එකක් බවද කී ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණය ඉටුවිය යුතු බවද පැවසීය.
බෝම්බ ප‍්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීමට ඇමති බදියුදීන් මුදාපතිවරයාට බලපෑම් කළ බව ඉකුත් දා ප්‍රසිද්ධ වී ඇති බවද බදුර්දින් ඇමතිවරයා ඇමැති ධුරයේ රැඳී සිටීම පාස්කු ඉරු දින ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

COMMENTS