දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'යළි යුද්ධයකට ඉඩක් නෑ' - ජනපති (VIDEO)
Homeප්‍රවෘත්ති

'යළි යුද්ධයකට ඉඩක් නෑ' - ජනපති (VIDEO)

PropellerAds

ස්වදේශවාදී චින්තනය පදනම්කර ගනිමින් අන්තර්ජාතික සහයෝගය සහ සාමුහිකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනැගීම තම අරමුණ බව ...

පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…
මාස දෙකක බිලිදෙක් පුච්චලා.. මගේ හද කකියනවා..- වැලිගම නගරාධිපති
මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…
'යළි යුද්ධයකට ඉඩක් නෑ' - ජනපති (VIDEO)

ස්වදේශවාදී චින්තනය පදනම්කර ගනිමින් අන්තර්ජාතික සහයෝගය සහ සාමුහිකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (22) අලුයමදී එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බවත් ශී‍්‍ර ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවරයන් ගන්නා බවත් අවධාරණය කළේය.

ස්වදේශවාදී දැක්මක් සහිතව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනකට අද ශී‍්‍ර ලංකාව මුල පුරා ඇති බවත් ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව එම ගමන යා යුතු බවත් මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉලක්ක කරා ළඟාවීමට ලෝකයේ සියලූ රාජ්‍යයන්හි හා අන්තර්ජාතික සංවිධානවල සහාය තමා අපේක්ෂා කරන බවද කියා සිටියේය.

2017 වර්ෂය ශී‍්‍ර ලංකාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස නම් කර තිබෙන අතර ආර්ථික සංවර්ධනය මුල්කරගත් රටක ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසදීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කිරීමට තමා ප‍්‍රමුඛත්වය දී තිබෙන බවද ජනාධිපතිතුමා සමුළුව අමතමින් ප‍්‍රකාශ කළේය.

විශේෂයෙන් පාසල් දරුවන්ට සහ තරුණ පරපුරට පිළිලයක් වී ඇති මත් උවදුර මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මීට වඩා යොමු විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහාවඩා විධිමත් සහ ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා ශී‍්‍ර ලංකාවට ලබාදුන් විශේෂ සහයෝගය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා සිය කෘතඥතාවය පළ කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා කළ දේශනය සැසියට සහභාගී වූ සියලූ රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට යොමු වූ අතර මත් උවදුර මැඩලීම පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අනුගමනය කරන සෘජු පිළිවෙත ඇගයීමට ලක් කෙරිණි.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ දේශනය පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'යළි යුද්ධයකට ඉඩක් නෑ' - ජනපති (VIDEO)
'යළි යුද්ධයකට ඉඩක් නෑ' - ජනපති (VIDEO)
http://ift.tt/2cXd9Vv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy