දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…
Homeප්‍රවෘත්ති

මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…

PropellerAds

වමතින් පිත්ත හසුරුවන, දකුණතින් පිටදඟ පන්දු යවන ජාතික ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග බි...

සජිත් සිරිකොතෙන් පන්නා දමයි.. පාරට වැටුනු සජිත් පිල සිරිකොත වටලයි.. ආරක්‍ෂක බල ඇණි සීරුවෙන්
දුෂිතයින් ඉවත් කර මහජන ප්‍රසාදය දිනූ බුද්ධිමතුන් ඇමැති මණ්ඩලයට ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
"මහ සඟරුවනට කළ අපහාසය සජිත්ගේ පරාජයට බලපෑවා" - කිරිඇල්ල මංගලට දෙහි කපයි
වමතින් පිත්ත හසුරුවන, දකුණතින් පිටදඟ පන්දු යවන ජාතික ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග බිමෙන් සමුගත්තේය. අමෙරිකාවේ පදිංචිව සිටින කලක් මෙරට ජනප්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණ සහ රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේගුණවර්ධනගේ දියණිය කවීෂා කාවින්දි සමග පසුගිය වසරේ සැප්තැම්බරයේදී විවාහ වූ 29 හැවිරිදි ශෙහාන් ද මේ වනවිට පදිංචිව සිටින්නේ නිව්යෝක් නුවරය. පසුගියදා නිමාවට පත්වූ එල්.පී.එල්. තරගාවලියේ අනුශූරතාව දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් දෙසැම්බර් මස 29 වැනිදා නැවත අමෙරිකාව බලා පිටත්ව ගියේය. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවත්, එහි තේරීම් සඳහා තමා ඇතුළත් කර නොගන්නා ලෙසත් ඔහු පසුගියදා ක්‍රිකට් ආයතනනයට ලිඛිතව දන්වා එවා තිබිණි.

වසර 2015 නොවැම්බර් 1 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශෙහාන් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2019 වසරේ ඔක්තෝබර් 2 වැනිදා පාකිස්තානයට එරෙහිව කරාච්චි නුවරදීය. නමුත් ඒ වසර 4ක කාලය ඇතුළත ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එක්දින තරග 12කට පමණි.

එම වසරේදීම අගෝස්තු 1 වැනිදා පාකිස්තානයට එරෙහිව ආර්.ප්‍රේමදාස පිටියේදී සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශෙහාන් අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ 2020 මාර්තු 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිවය. ඔහුගේ විස්සයි20 තරග දිවියට ඇතුළත් වන්නේ තරග 18ක් පමණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ශෙහාන් ජයසූරිය පළමුපෙළ තරග බිමේ කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෙකි. ඔහු පළමු පෙළ තරග 80කට ක්‍රීඩා කර ඇති අතර, ශතක 11ක් සහ අර්ධ ශතක 31ක් සමග ලකුණු 5431ක් රැස් කර තිබේ. එහිදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 193කි. ‘ඒ‘ කාණ්ඩයේ තරග 140කට ක්‍රීඩා කරමින් ශතක 9ක් සහ අර්ධ ශතක 28ක් සමග ලකුණු 4432ක් රැස් කළ හෙතෙම කඩුලු 116ක්ද බිඳ දැම්මේය. ඔහු ජාත්‍යන්තර නොවන විස්සයි20 තරග බිමේ තරග 88කදී ලකුණු 1729ක් රැස් කර ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමගිනි. ඒ අතර පන්දුයවන්නෙක් වශයෙන් කඩුලු 53ක් දවාලීමට ද ඔහු සමත් විය.

මේ පළවන්නේ නිව්යෝක් නුවර සිට ‘ක්‍රීඩා‘ සඟරාව වෙනුවෙන් ඔහු ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය.

ඇයි හදිසියේ මේ වගේ තීරණයක් ගත්තේ ?

ශ්‍රී ලංකාවේදී ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු නිසා මං හිතුවා අමෙරිකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරලා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබාගන්න ඕනැ කියලා. එහේ දේශීය තරගබිමේ අවුරුදු 3ක් සෙල්ලම් කළාට පස්සේ ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ලබන මාර්තුවල මෙහේ සීසන් එක පටන් ගන්නවා විස්සයි20. මම කැලිෆෝනියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ඇයි මව්බිම එපා වුණේ ?

එපා වුණේම නෑ. ඒත් මට ලැබුණු අවස්ථා මදියි කියලා හිතුණා. අනික මම පොඩි කාලේ ඉඳලා මුල්පෙළ පිතිකරුවෙක්. නමුත් ජාතික කණ්ඩායමේදී මට ලැබුණේ අංක 7 ස්ථානයේ සෙල්ලම් කරන්නයි. අනික තරග දෙකක් විතර හොඳට කරලා තියෙද්දිත් ඊළඟ තරගවලට ගත්තේ නැති අවස්ථා පවා තිබුණා. විවේක ගන්න කිව්වා. මට එහෙම විවේක ගන්න වුවමනාවක් නෑනේ. මම ඉන්නේ සෙල්ලම් කරන්නනේ.

හොඳට කළා කියන්නේ දස්කම් දැක්වුවා කියන එකද ?

ඔව්. විස්සයි20 තරගවල ලකුණු 30ක්, 40ක් කියන්නේ හොඳ ලකුණු ප්‍රමාණයක්නේ. එහෙම දස්කම් දක්වලා තියෙද්දිත් මාව ඊළඟ තරගවලට ගත්තු නැති අවස්ථා තිබුණා.

ඔබ 2015 දී මුලින්ම ජාතික පිලට එක්වුණේ. ඒත් දැනට සෙල්ලම් කරලා තියෙන්නේ එක්දින තරග 12යි. විස්සයි20 තරග 18යි ?

ඒක තමයි කියන්නේ. මට ලැබුණු අවස්ථා හොඳටම මදි කියලා. මම 2019 සැප්තැම්බරයේ ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් පාකිස්තානයට ගිය කණ්ඩායමට ඇතුළත් වුණා. දෙවැනි එක්දින තරගයේදී මම ලකුණු 96ක් රැස් කළා. ඒත් ලංකාවට ආවට පස්සේ ඊළඟ තරගවලින් අයින් කළා. මම ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වේ ෆිට්නස් මදි කියලයි. මට ‘ක්‍රෑම්ප්‘ එකක් ආපු බව ඇත්ත. ඒත් ඒ වගේ පාදයේ ආබාධ ඕන කෙනෙකුට එන්න පුළුවනි නේ. මාව කණ්ඩායමෙන් අයින් කරන්න එක එක කාලෙට එක එක දේවල් කිව්වා. මම මහත වැඩියි කියලත් කියලා තියෙනවා.

කවුද ඕවා කරන්නෙ ?

තේරීම් කමිටු සභාපතිවරයා.

ඔබ ලකුණු අතරේ හිටියා ප්‍රමාණවත් කියලා හිතනවා ද ?

මම විස්සයි20 මංගල තරගයේදී ලකුණු 40ක් රැස් කළා. මුල් තරග කිහිපය තුළ ලකුණු අතරේ හිටියා. ඒක වුණේ මම මුල්පෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කළ නිසයි. ඒත් පහුවෙනකොට මාව අංක 7 ස්ථානයෙන් පිටියට යැව්වා. එතකොට තරමක් අසීරු වුණා. මගේ සුපුරුදු ආවේනික ක්‍රීඩා විලාශය වෙනස් කරගන්න ටිකක් අමාරුයි. නමුත් මාව කණ්ඩායමට ගත්තේ කාලෙන් කාලෙටයි.

ලංකාවේ ක්‍රිකට් එපාවෙන්න මොනවද අනිත් කාරණා ?

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරියත් තව හේතුවක් වුණා. කෙළින්ම කියන්නම් ඒ තිසර පෙරේරයි, එයාගෙ බිරිඳයි.

මොකක්ද ඒ කතාව?

වතාවක් කණ්ඩායම ඒත් එක්ක ඩුබායි ගිය වෙලාවක මමයි, දසුන් ශානකයි, කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලාට කිව්වා. මට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජෙලෝ මැතිව්ස්වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා.

එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මොනවද කළේ ?

ඔහුත් බිරිඳගේ පැත්ත තමයි ගන්න ඇත්තේ. එල්.පී.එල්. ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. එල්.පී.එල්. එක ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට තහනම් කරලයි තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලා තිබුණේ නෑ. විදේශ ගුවන්ගමන් බලපත් තියෙන අයට පුළුවන් කිව්වා. මගේ බිරියට අමෙරිකානු ගුවන්ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම බිරිය එක්කරගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිය ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියේවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරියකට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙන්නට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා.

ඇයි මේ ක්‍රීඩකයයි එයාගේ බිරියියි ඔබ පසුපස එළව එළවා පළිගත්තේ ?

ඒක මම අදටත් දන්නෙ නෑ.

ඔබේ ක්‍රිකට් පුහුණුකරුවන් පිළිබඳ සිහිපත් කළොත් ?

බන්දුල ද සිල්වා සර් තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු. පාසලේ දි නම් ලන්ත්‍රා ප්‍රනාන්දු සර්. මම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. නමුත් පොඩි කාලේ මම අධ්‍යාපනය ලැබූ රාවතාවත්ත මෙතෝදිස්ත පාසලේ ක්‍රිකට් තිබුණේ නෑ. ඒ නිසා තාත්තා මාව බන්දුල සර්ගේ ක්‍රිකට් ඇකඩමියට දැම්මා.

ඔබේ ක්‍රිකට් වීරයන් කවුද ?

ලංකාවේ නම් සනත් ජයසූරිය. පන්දු යවන්නන්ගෙන් ලසිත් මාලිංග. විදෙස් ක්‍රීඩකයන්ගෙන් ශිකර් ධවාන්ට කැමැතියි.

ඔබ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. මම හිතන්නේ ජාතික කණ්ඩායමට වඩා ඔබ වැඩි හරියක් හිටියේ ‘ඒ‘ කණ්ඩායමේ ?

කතාව ඇත්ත. ‘ඒ‘ කණ්ඩායමේ තමයි වැඩිපුර හිටියේ. පුහුණුකරු හැටියට හිටපු අවිශ්ක ප්‍රනාන්දු සර්ට ස්තූති කරන්නම ඕනා. අවිශ්ක සර් තමයි මාව අංක 3න් දාලා බැට් කරන්න කිව්වේ. අංක 3 ස්ථානයේ සෙල්ලම් කරලා මම ශතකයක් රැස් කරලා තරග දිනලා දීලත් තියෙනවා.

ඔබ නැවත ශ්‍රී ලංකාවට එන්නෙ නැද්ද?

ඇවිත් යන්න ඒවි. නමුත් ස්ථීර වශයෙන්ම පදිංචිය අමෙරිකාවේ. මම ක්‍රීඩා කළ චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ගෙන් සමුගන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන කනගාටුවක් තියෙනවා.

ෆවුස් මොහොමඩ්
– Silumina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…
මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTrRL-2dIwfIo926reROHFClJ5qrXScyvffbL3iabfhpouAeClp57QAumEElKxLtv_J5C4eUu5cvs37KUfb99Gj8-UMmWKetj5sMoEOIHzNVLHv7kAqNtMFD2bhQ0-D-JnZJLBENi5wcA/s320/crick.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTrRL-2dIwfIo926reROHFClJ5qrXScyvffbL3iabfhpouAeClp57QAumEElKxLtv_J5C4eUu5cvs37KUfb99Gj8-UMmWKetj5sMoEOIHzNVLHv7kAqNtMFD2bhQ0-D-JnZJLBENi5wcA/s72-c/crick.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_750.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_750.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy