දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)
Homeප්‍රවෘත්ති

අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)

PropellerAds

හම්බන්තොට, බඳගිරිය යහන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.ජී. ගයාෂාන් නමැති තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඔහුගේ...

ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
අගමැතිකම රනිල් එක්ක එකම පන්තියේ හිටපු දිනේෂ්ට? තවත් නම් තුන යෝජනා වෙයි
තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!
අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)

හම්බන්තොට, බඳගිරිය යහන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.ජී. ගයාෂාන් නමැති තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඔහුගේ පියාගෙන් කරුණු විමසා තිබේ.

තරුණයාගේ පියා වන ජී.ජී. සිරිපාල මහතා ප්‍රකාශ කළේ ඊයේ (13) පොලිස්පතිවරයා දුරකතනයෙන් තමන්ව අමතා තම දරුවා කෙසේ හෝ සොයාදෙන බවත් මෙම සිද්ධිය පිළිබඳව තමා වගකීමෙන් කටයුතු කරන බවත් පැවසූ බවයි.

මේ වනවිට අදාළ තරුණයා අතුරුදන්වී සතියකටත් වැඩි කාලයක් ගතවන අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් ඊට හම්බන්තොට පොලීසියේ නිලධාරින් පිරිසක් ද ඇතුළත් බවත් පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන සඳහා යොදවා ඇති අතර ජාතික පොලිස් කොමිසම විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා තිබේ.

බඳගිරිය, යහන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා පසුගිය 05 වන සඳුදා වී තොගයක් සොරකම් කළ බව පවසමින් හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් තරුණයින් දෙදෙනෙකු එදිනම අත්අඩංගුවට ගෙන ඇති අතර ගයාශාන් අත්අඩංගුවට ගත් දිනට පසුවදා වැසිකිළියට යන අවස්ථාවේදී ඔහු පළා ගොස් ඇති බවට හම්බන්තොට පොලීසිය තමන්ට දැනුම් දුන් බවයි ඥාතීන් වැඩිදුරටත් සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 05 දෙනෙකුට මේ වන විට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)
අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)
http://ift.tt/2c7SiOk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy