සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අධිකරණ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා අද (27) ගොඩග...
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අධිකරණ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා අද (27) ගොඩගැනීමට නියමිත අතර ඒ හේතුවෙන් මේවන විට බොරැල්ල සුසාන භූමියේ ආරක්ෂාව තරකර තිබේ.
ඔහු මිහිදන් කල ස්ථානය කළු ඉටිරෙදි වලින් ආවරණය කර ඇති අතර ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
කෙසේවෙතත් එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදී නොමැත.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්‍ෂණයේ ගැටලු සහගත කරුණු අන්තර්ගත වී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව ඒ මහතාගේ දේහය අද ගොඩගෙන නැවත මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඉකුත් 08 වැනිදා නියෝග කර ඇත.
බොරැල්ල කනත්තේ භූමදාන කර තිබෙන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ද දැනුම් දී තිබේ.
ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු පොලිස් මූලස්‌ථානයේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.
2009 වසරේ ජනවාරි මස 08 වැනිදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඒ මහතාට උල් ආයුධවලින් පහරදී ඝාතනය කර තිබිණි.
ඡායාරූප - ලංකාදීප
COMMENTS