මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ අවශ්‍යතාවක් නොමැති බවට මල්වතු අස්ගිරි අනුනානයක හිමිවරු ප්‍රමුඛ කාරකසංඝ සභාවේ භික්ෂුන් වහන්සේ කි...
මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ අවශ්‍යතාවක් නොමැති බවට මල්වතු අස්ගිරි අනුනානයක හිමිවරු ප්‍රමුඛ කාරකසංඝ සභාවේ භික්ෂුන් වහන්සේ කිහිපනමක් අතර කථිකාවක් ඇතිවී ඇති නමුදු එය මල්වතුපාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය නොවන බව මල්වතුපාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවසූහ. අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමසහභාගී නොවු අතර මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන්වහන්සේ හා ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවද උන්වහන්සේ කීහ. ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ නිල තීරණයක් ප්‍රකාශයට පත්කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසුව බවත් මෙම සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ නිල තීන්දුවක් ලෙස හැදින්වීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ. මේ පිළිබඳව මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැක්කේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය පළ කිරීම බවත් විමලධම්ම හිමියෝ කීහ.
COMMENTS