බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ගල්කන්ද ප්‍රදේශයේදී පීලි පැනීමෙන් ...
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ගල්කන්ද ප්‍රදේශයේදී පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව ඇණහිට ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
අද (05) පස්වරු 1.40ට පමණ මෙම පීලි පැනීම සිදුව තිබේ.
මේ වනවිට පොඩි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර පීලි පැන ඇති දුම්රියේ මැදිරි ඉවත් කර සෙසු මැදිරි වලින් මගීන්ව හැටන් දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහනය කර ඇත.
පීලි පැන ඇති දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS