දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල් නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා
Homeගොසිප්

බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල් නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා

PropellerAds

බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල් නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා පසුගියදා බිරියගේ කුසට වෙඩි තැබීම නිසා අත්අඩංගුවට පත්වූ ලූතිනන් කර්නල්...

ජනපති පදවි ප්‍රාප්තිය සමරා කලාකරුවන්ට විශ්‍රාම වැටුප්
හදිසියේ මියගිය කතගේ සිරුරට පරීක්ෂණ නැතිවම එම්බාම්
වෙරළේදී නෙදර්ලන්ත කතට අතවර කළ තරුණයා හුංගම පොලිස් කූඩුවේ

බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල්
නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා

පසුගියදා බිරියගේ කුසට වෙඩි තැබීම නිසා අත්අඩංගුවට පත්වූ ලූතිනන් කර්නල් ප‍්‍රදීප් කුමාර වෙත්තසිංහ ගැන දැන ගන්නට ලැබුණු අයුරින් යුද හමුදාව තුළ කිසි දිනක වැරදි හැසිරීමක් නිසා කිසිදු චෝදනාවක් එල්ල වී නැති අයෙකි. නමුත් ඔහුගේ පවුල් ජීවිතය ඔහුට අපායක් වී ඇති බව කියැවේ. බිරිය හා දරු තිදෙනාට ඔහු දුන් හිංසනයන් ගැන
දැන් වාර්තාවන්නේ ‘මෙවැන්නෙකුට මෙසේ කරන්නට හැකිද’ යන ගැටලූවද ඇති කරමිනි.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටින  ඔහු අවසන් වරට සේවය කළේ කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ යුද හමුදා අනු ඛණ්ඩයට අනුයුක්තවයි. ඔහු එහි දෙවැනි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේය. දශක තුනක් පමණ පැවති එල්.ටී.ටී.ඊ. යුද සමයේ දී කුරිරු ත‍්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සඳහා මෙම කර්නල්වරයා සෘජුවම දායක වී තිබේ. ඔහු වසර ගණනක් ක‍්‍රියාන්විත ප‍්‍රදේශවල අණදෙන නිලධාරියකු වශයෙන් රාජකාරියේ යෙදී සිට ඇත.
අවංකව රාජකාරිය කරන නිලධාරියකු ලෙස යුද හමුදාව තුළ මොහු නමක් ගොඩනඟාගෙන තිබුණි. රාජකාරිය අවංකව කළත් මෙම කර්නල් වරයාට තම පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට නොහැකි විය. ඒ ඔහුගේ අවුල් සහගත ගති පැවතුම් නිසාවෙනි.
කර්නල් වෙත්තසිංහ විවාහ වූයේ දැනට දශක දෙකකට පමණ ආසන්න කාලවකවානුවකදීය. ඔහුගේ අත ගත්තේ ඉනෝකා නයනා ප‍්‍රනාන්දු මෙනවියයි. මෙම විවාහයෙන් ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙක් සිටිති. ඉන් වැඩිමහල් දෙදෙනා ගැහැණු ළමයි වන අතර බාලයා පිරිමි ළමයෙකි.
කලක් යද්දී මෙම කර්නල්වරයාට පවුල් ජීවිතය අමු අපායක් මෙන් දැණුනි. නිතරම ඔහු තම බිරිඳ සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගත්තේය.


සමහර අවස්ථාවලදී රණ්ඩු සරුවල් වී බිරිඳ සමඟ මාස ගණන් කතා බස් නොකර සිටියේය. එන්න එන්නම කර්නල්වරයා බිරිඳ සහ දරු තිදෙනාට කරන හිංසා වැඩි වන්නට පටන් ගත්තේය. කර්නල්වරයා තම පවුලේ අය සමඟ මෙලෙස හැසිරෙන්න ප‍්‍රධාන හේතුව අනියම් සම්බන්ධතාවක් බව පවුලේ බොහෝ අය සැක පහළ කළෝය.
බිරිඳ සහ දරු තිදෙනා දුටු විගස කර්නල්වරයාට යක්ෂාරූඪ වන්නේය. ඉන්පසු ඔහු බිරිඳට සහ දරු තිදෙනාට පමුණුවන්නේ යුද හමුදාවේ දඬුවම්ය. අවසානයේ ඔහු සමඟ එකට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් බිරිඳ ඇතුළු දරුවන්ට උදාවිය. ඉන්පසු බිරිඳ සහ දරු තිදෙනා කර්නල්වරයාගෙන් වෙන්වී වෙනම ජීවත් වූහ. එලෙස වෙන්වී සිටියත් කර්නල්වරයාගේ කරදරවලින් අඩුවක් දක්නට නොලැබුණි. හිටි හැටියේ නිවසට පැමිණෙන කර්නල්වරයා, බිරිඳ සහ දරු තිදෙනා ඉදිරියේ හැසිරෙන්නේ මෘගයකු මෙන්ය.
කෙලෙස සිටියත් නිදහසේ ජීවත් වීමට නොහැකි බව කර්නල්වරයාගේ බිරිඳ ඉනෝකාට අවබෝධ විය. ඇය ළමයි තිදෙනා සමඟ කතාබස් කර දැඩි තීරණයක් ගත්තාය. ඒ කර්නල්වරයාගෙන් දික්කසාද වීමටයි. දෙපාර්ශ්වයේ අය සමඟ කතාබස් කර ඇය දික්කසාද නඩුවක් දැමුවාය. එම නඩුව විභාග වන දවසේද කර්නල්වරයා නිවසට පැමිණ බිරිඳට සහ දරු තිදෙනාට හිංසා පීඩා සිදු කළේය. අවසානයේ ඇය මේ බව කඩුවෙල අධිකරණයට දැන්වූවාය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය කර්නල්වරයාව විරුද්ධ තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ පසුගිය අගෝස්තු මස අටවැනිදා සිට කර්නල්වරයාට එම නිවසට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින්ය.
අධිකරණ නියෝගය දැන ගැනීමත් සමඟ කර්නල්වරයා බිරිඳ සමඟ තවත් උරණ විය. දික්කසාද නඩුවේදී ඉල්ලා ඇති වන්දි මුදල සම්බන්ධයෙන්ද ඔහු සිටියේ බිරිඳ සමඟ අමනාපයෙනි. තත්ත්වය එලෙස තිබියදී යළි දික්කසාද නඩුව විභාග කිරීමට යෙදී තිබුණේ ලබන පස්වැනිදාය.

දිනය පසුගිය විසිහත් වැනිදාය. එදින නෙළුම් පොකුණ රඟහලේ ප‍්‍රසංගයක් පැවැත්වුණි. කර්නල්වරයා එය සිය අනියම් පෙම්වතිය සහ තවත් සිව්දෙනකු සමඟ නැරැඹුවේය. එය අවසන් වී පැය ගණනකට පසු කර්නල්වරයා තම රියදුරු සමඟ වේයන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදර බලා යැමට පිටත් වූවේය.
කර්නල්වරයා තම මහ ගෙදර වෙත පැමිණෙන විට රාත‍්‍රී නමය පසුවී තිබුණි. ටික වේලාවක් එහි ගතකළ ඔහු නිවසේ සඟවා තිබූ පිස්තෝලයක් රැගෙන ආපසු රියදුරු සමඟ කොළඹ බලා පැමිණියේය. එන අතරතුර ඔහු රියදුරුට පැවසුවේ මාලබේ, පිට්ටුගල ඉසුරුපුර පාරේ පිහිටි බිරිඳ ජීවත් වන නිවස වෙත යන ලෙසයි. තම නිලධාරියාගේ


අණට අනුව රියදුරු කටයුතු කළේය.

බිරිඳ ජීවත් වන නිවසට මීටර් තුන්සීයක් පමණ දුරින් මෝටර් රථය නතර කරන ලෙස කර්නල්වරයා රියදුරුට අණ කළේය. ඉන්පසු කර්නල්වරයා නිල ඇඳුම ගලවා කළු පැහැති ඇඳුමක් මෝටර් රථය තුළදීම ඇඳ ගත්තේය. රියදුරුට මෝටර් රථය එම ස්ථානයේ තබාගෙන සිටින ලෙස පවසා පිස්තෝලයත් රැගෙන ඔහු බිරිඳ ජීවත් වන නිවස දෙසට ගියේය.

කර්නල්වරයා බිරිඳ ජීවත් වන නිවස වෙත ගියේ ඇයට වෙඩි තබා ඝාතනය කිරීම සඳහාය. බිරිඳ සමඟ ඔහු සිටියේ එතරම්ම වෛරයකිනි. නිවස පිටුපස මාර්ගයෙන් ගිය කර්නල්වරයා බිරිඳගේ නිදන කාමරය වෙත ළඟා විය. එවිට වේලාව රාත‍්‍රී දහය පසුවී තිබුණි. මේ අතර ඔහුගේ බිරිඳ වන ඉනෝකා නිදා ගැනීම සඳහා නිදන කාමරයට පැමිණියාය.

ගතවූයේ සුළු මොහොතකි. කිසිවක් සිතා ගැනීමට ඇයට නොහැකි විය. නිදන කාමරයේ ජනේලය ප‍්‍රදේශයෙන් වෙඩි ප‍්‍රහාර තුනක් ඇයට එල්ල විය. එම වෙඩි ප‍්‍රහාර ඇයගේ බඩ ප‍්‍රදේශයට සහ දකුණු අතට සහ දකුණු පාදයට එල්ල වී තිබුණි. ඇය මරු විකල්ලයෙන් කෑගැසුවේ ජීවිතය බේරා ගැනීම සඳහාය.

නිදන කාමරයේ ජනේලයට මුවාවී තම බිරිඳට වෙඩි තැබූ කර්නල්වරයා සියල්ල අවසාන යෑයි සිතා එම ස්ථානයෙන් පැන තම මෝටර් රථය වෙත දිව්වේය.

වෙඩි ශබ්දය සහ මවගේ කෑගැසීම ඇසුණු නිවසේ සිටි දරුවන් වහාම මවගේ නිදන කාමරය වෙත දිව ආහ. ඒ වන විටත් ලේ විලක් මැද ඇය වැටී සිටියාය. වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තම මව රෝහල්ගත කිරීමට ඔවුහු කටයුතු කළෝය.

හති දමාගෙන මෝටර් රථයට ගොඩවූ නිලධාරියා දුටු රියෑදුරු කුමක් හෝ භයානක දෙයක් සිදුවී ඇතැයි දැන ගත්තේය. තම උසස් නිලධාරියාගෙන් එය ඇසීමට ඔහු බිය විය. කර්නල්වරයා යළි කොළඹ දෙසට යන ලෙස රියදුරුට නියෝග කළේය.

පාර්ලිමේන්තුව ප‍්‍රදේශයේ ජපන් මිත‍්‍රත්ව පාලම අසළ මෝටර් රථය නතර කරන ලෙස යළි කර්නල්වරයා රියදුරුට පැවසුවේය. ඉන්පසු මෝටර් රථයෙන් බැසගත් කර්නල්වරයා තම බිරිඳට වෙඩි තැබූ පිස්තෝලය දියවන්නා ඔයට විසි කළේ සියල්ල එතැනින් අවසන් වේ යෑයි සිතමින්ය.

කර්නල්වරයකුගේ බිරිඳට වෙඩි තැබීමේ සිද්ධිය පසුව විවිධ මාධ්‍යවලින් රටපුරාම ප‍්‍රචාරය විය. ඉන්පසු වැඩි දෙනෙක් මෙම සිද්ධිය පිළිබඳව ඇස ගසාගෙන සිටියහ. අතුරුගිරිය පොලිසිය මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණ පැවැත්විය. කර්නල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසිය ඔහුගෙන් පැය ගණනක් ප‍්‍රශ්න කළේය. එහෙත් ඔහුගෙන් කිසිවක් හෙළිකර ගැනීමට නොහැකි විය. කර්නල්වරයා පවසා සිටියේ එම සිද්ධිය වූ මොහොතේ තමා නෙළුම් පොකුණ රඟහලේ රාජකාරි කරමින් සිටි බවයි.

අතුරුගිරියේ පොලිස් නිලධාරීහු උත්සාහය අතහැරියේ නැත. ඔවුන්ගේ සැකය කර්නල්වරයා වෙත යොමුවී තිබුණි. ඉන්පසුව ඔවුහු කර්නල්වරයාගේ රියෑදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළහ. අවසානයේ රියදුරුට සත්‍ය වසන් කිරීමට බැරිවිය. ඔහු එදින සිදුවූ සියලූ දේවල් පොලිසිය ඉදිරියේ වැමෑරුවේය. වහාම ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු කර්නල්වරයාගෙන් යළි ප‍්‍රශ්න කළේය. එයින් බේරීමට නොහැකිවූ බව ඔහුට අවබෝධ විය. ඉන්පසු ඔහු සියලූ විස්තර පොලිස් නිලධාරීන් හමුවේ පැවසුවේය.

සැකකාර කර්නල්වරයාගේ තොරතුරුවලට අනුව වීසි කළ පිස්තෝලය ජපන් මිත‍්‍රත්ව පාලමට යාබද දියවන්නා ඔයේ තිබී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සොයා ගත්තේය. එම පිස්තෝලය පරීක්ෂා කිරීමේදී ත.වි.ප‍්‍ර. යන අකුරු තුනක් ද්‍රවිඩ භාෂාවෙන් කොටා තිබුණි. ඒ අනුව එම පිස්තෝලය එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ පිස්තෝලයක් බවට පොලිසිය සැක පහළ කරන අතර එය මීට පෙර අපරාධවලට භාවිතා කර ඇත්ද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරයි.

බිරිඳට වෙඩි තැබූ පිස්තෝලය සොයාගෙන දින දෙකකට පසු එනම් පළමුවැනිදා කර්නල්වරයාගේ දියණියකගෙන් ලද තොරතුරකට අනුව ඔහු අත පිස්තෝල දෙකක් තිබී ඇති බවට තොරතුරු අනාවරණය විය. පසුව ඒ පිළිබඳව පොලිසිය යළි පරීක්ෂණ සිදු කළේය. එහිදී කර්නල්වරයා පවසා ඇත්තේ එම පිස්තෝලයද ජපන් මිත‍්‍රත්ව පාලම ළඟින් දියවන්නා ඔයට වීසිකළ බවයි. ඒ අනුව නැවත වරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම දියවන්නා ඔයේ තිබී එම පිස්තෝලයද සොයා ගත්තේය. මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් වන අතර එය සොයා ගන්නා අවස්ථාවේ පතරොම් හතරක්ද එහි තිබී ඇත.

ගිනි අවියකින් තම බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් නෙත්තසිංහ ආරච්චිලාගේ කුමාර නෙත්තසිංහ පසුගිය මස තිස්එක් වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ලබන නමවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධිය සැලවූ වහාම යුද හමුදාපතිවරයා සැකකාර කර්නල්වරයාගේ සේවය අත්හිටවූ අතර ඔහුට විරුද්ධව යුද හමුදා පොලිසියෙන්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.


තොරතුරු - ගයාන් සමරසිංහ (දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල් නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා
බිරිඳට වෙඩි තැබූ ලූතිනන් කර්නල් නිවසේදී දරුවන්ට හමුදා දඬුවම් දීලා
http://ift.tt/2c7l8nj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_995.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_995.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy