පසුගිය බ්‍රහස්පතින්දාවන විට සාගල සිටියේ සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට සූදානම් වෙමිනි. සුළු වෙලාවකින් සාගලට දිගට හරහට දුරකතන ඇමතුම් ...
පසුගිය බ්‍රහස්පතින්දාවන විට සාගල සිටියේ සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට සූදානම් වෙමිනි. සුළු වෙලාවකින් සාගලට දිගට හරහට දුරකතන ඇමතුම් ගලා එන්නට විය. ඒ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇතිව තිබෙන බවය. ඒ සමඟම සාගල පොලිස්පතිවරයාව දුරතකනයෙන් සම්බන්ධ කරගෙන ඔහුට උපදෙස් ලබා දුන්නේ හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී ගැටුම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි.ඒ අනුව වහාම විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන්ද ගිංතොට ප්‍රදේශයට යොමුකෙරුණි.
ගැටුම ඒ වන විට තරමක් උත්සන්න වෙමින් තිබෙන බව ඇමති සාගලට වාර්තා වූ නිසා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ පිළිබඳ දැනුම්වත් කිරීමට සාගල කටයුතු කළේය. ඒ වන විටත් ඇමති වජිර නිරතුරුවම සාගල අමතමින් ප්‍රදේශයේ අලුත් තත්ත්වය පිලිබඳ දැනුම්වත් කරන්නට විය.
අය වැය වැය ශීර්ෂ විවාදයට සූදානම් වීම පසෙකලා ඇමති සාගල ගිංතොට සිද්ධිය සමථයකට පත් කිරීම වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් පොලිස්පතිවරයාත් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මහතාත් හා සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබීය.
ඒ කටයුතු හේතුවෙන් සිකුරාදා පාන්දර 2.00 වන විට සියලු කටයුතු පාලනය කරමින් පොලීසිය හා විශේෂ කාර්යබලකාය විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලදී.එමෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනානාදු මහතාද සාගල හා සම්බන්ධ වෙමින් සහය දැක්වීය.
සිකුරාදා දහවල් කාලයවන විට සියලු කටයුතු යළි යථා තත්ත්තවයට පත්වෙනමින් තිබුණි. නමුත් සිකුරාදා රාත්‍රියේ යළිත් ගැටුම උත්සන්න වන්නට විය. ඒ සමඟම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා යළි පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීය.
සෙනසුරාදා දිනය ඇමති සාගලට කාර්ය බහුල දිනයක් වූයේ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන නිසාවෙනි . සාගල වැය ශීර්ෂ විවාදයට සූදානම්වන අතරතුර ඇමති වජිර අබේවර්ධන මෙන්ම පොලිස්පතිවරයාද සම්බන්ධ කර ගනිමින් ගිංතොට තත්ත්වය පිළිබඳ සොයා බලන්නට විය.
වැය ශීර්ෂ විවාදය අවසන් වූ වහාම සාගල තමා හැකි ඉක්මනින් ගිංතොට බලා පිටත්වන්නට විය. සාගල සමඟ ගයන්ත කරුණාතිලක ඇමතිවරයාත් පොලිස්පතිවරයාත් එක් වූ අතර රාත්‍රී 8.00 පමණ වනවිට පිරිස ගිංතොටට ළඟා වීය.
සිද්ධියෙන් පීඩාවට පත්වුණු පිරිස් හමුවීම ද එහිදී සිදුවූ අතර ඇමති සාගල ඔවුන්ට ප්‍රකාශය කළේ කිසිදු අයුරකින් බිය නොවී සිටින ලෙසත් ප්‍රදේශයේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම මේ වන විටත් සිදු කර ඇති බවයි.එහිදී සාගල පොලිස්පතිවරයාට ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින ඕනෑම තැනකට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙසයි.
සිද්ධියෙන් හානියට පත් නිවාස කිහිපයකටම පිරිස ගිය අතර ඇමති සාගල ගේ අවශ්‍යතාව වූයේ පීඩාවට පත් ජනතාවට ඔවුන් ඒවන විටත් සුරක්ෂිත බව ඔප්පුකරවීමටය.
නිරීක්ෂණ කටයුතු අතරතුර දී ඇමති සාගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට කතා කරමින් දැන් මෙහෙ හිටියා වගේ නෙවෙයි පරණ වැඩ ටිකත් ඒ විදිහටම යන්න ඕන හොඳඳ යැයි කියත්ම පොලිස්පතිවරයා සර් යැයි කියමින් ඒ පිලිබඳ විමසන් ආකාරයෙන් ඇමතිවරයාව ඇමතීය.
එවිට සාගල පොලිස්පතිවරයාට පිලිතුරු දෙමින් ප්‍රකාශ කළේ නෑ මම කීවේ අපි හදපු සංවිධානාත්මක අපරාධ යි මත්ද්‍රව්‍යයි මර්ධනය කරන්න දාපු අලුත් යුනිට් එකේ වැඩත් මේ වැඩ යනවා වගේම යන්න ඕනි කියලයි යනුවන් ඉංග්‍රීසියෙන් කීය.
එවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ප්‍රකාශ කළේ සර් ඒ වැඩ ඒ විදිහටම යනවා. කිසිම අඩුවක් නෑ යනුවෙනි.
ඒ සංචාරයෙන් අනතුරුව සාගල, වජිර, ගයන්ත ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.
ඉරිදා දිනයේ දී අගැමැතිතුමාත් ගිංතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර සාගල හා වජිර දෙදෙනාම ඊට එක් විය. එහි දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සාගල කියන තුරු මෙහේ ආරක්ෂාව අඩු කරන්නේ නෑ . ඕන නම් වැඩි කරන්න පුළුවන් හැබැයි අඩු කරනවා නම් සාගල තමා ඒ තීරණය ගන්න ඕන සාගල තමයි යනුවෙනි.
එහි දී සාගල අගමැතිවරයාට කියා සිටියේ මම සිද්ධිය ගැන වාර්තාවක් දෙන්න කියලා අයිජීට කියලා තියෙන්නේ යනුවෙනි. ආ ඒක හොඳයි ඉක්මනින් ඒක ගන්න මටත් දෙන්න යැයි අගමැතිවරයා සාගලට කීය.
ඒ අතරතුරදී පීඩාවට පත් ජනතාව සාගලගෙන් විමසුවේ සිද්ධිය පිලිබඳ පැමිණිලි කරන්නේ කෙසේද ? වන්දි ලබා දෙනවාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සාගල කීවේ කිසිම කෙනෙක් පැමිණිලි කරන්න පොලිසියට යන්න ඕන නෑ. පොලිසිය ඔය ගොල්ලන් ළඟට ඇවිත් පැමිණිලි ලියා ගන්නවා යනුවෙනි.
අනේ සර් අපිට ඉන්න පුළුවන් වෙන විදිටහ සාමය ඇති කරලා දෙන්නැයි සාගලගෙන් ඉල්ලා සිටිද්දී කිසිම කෙනෙක් බය වෙන්න එපා. අපි හැම වෙලාවෙම ඔය කට්ටියත් එක්ක ඉනනවා. අපි ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ යැයි සාගල කියද්දී අගමැතිවරයා ද කියා සිටියේ කිසිදේකට බයවෙන්න එපා මේ ගැටුම ඇතිකරවපු අයටත් අපි තරාතිරම නොබලා දඬුවම් දෙනවා යනුවෙනි.
COMMENTS