යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට අන්තවාදී ව්‍යාපාරයන්වල යෙදීමට එහි උපකුලපතිනිය ඉඩ ලබාදීම පිළිබඳව ආචාර්ය රාජන් හූලේ (Dr. Rajan Hoole) මහතා ...
යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට අන්තවාදී ව්‍යාපාරයන්වල යෙදීමට එහි උපකුලපතිනිය ඉඩ ලබාදීම පිළිබඳව ආචාර්ය රාජන් හූලේ (Dr. Rajan Hoole) මහතා ප්‍රශ්නකර සිටින බව ඉන්දීය පුවත්පතක් වන 'New Indian Express' වාර්තා කරයි.
පසුගියදා දෙමළ මහජන සභාවේ සංවිධානයෙන් යාපනය නගරයේ පැවති 'එළුඟ තමිල්' නොහොත් 'දෙමළ ජනතාවනි නැගිටින්න' විරෝධතා ව්‍යාපාරයට ඉඩ ලබාදීම සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ ආචාර්ය රාජිනී තිරණාගම මහත්මිය අනුස්මරණය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් පිළිබඳව ඔහු එහිදී ප්‍රශ්න කර සිටී.
උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු දෙමළ මහජන සභාව විසින් 'දෙමළ ජනතාවනි නැගිටිව්' ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇතැම් විචාරකයින් ඉස්මතු කළ කාරණය වූයේ සත්‍ය ලෙසම එම විරෝධතාවය දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සිදුකළ සැබෑ පෙනී සිටීමකට වඩා උතුරු මහ ඇමතිවරයා සහ දෙමළ සන්ධාන නායකත්වය අතර ගෙනගිය සීතල යුද්ධයක් බවයි.
COMMENTS