තමාගේ දුරකතනය ටැප් කර ඇති බවත් ඒ අනුව තමාගේ දුරකථනයට රහසේම සවන් දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ ඇවන...
තමාගේ දුරකතනය ටැප් කර ඇති බවත් ඒ අනුව තමාගේ දුරකථනයට රහසේම සවන් දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටි අවස්ථාවට සහභාගී වීමට පැමිණීමෙන් පසු අධිකරණ අසළ දී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.
තමා කියන්න තියෙන දේ කියන බවත් තමාට ඕනෑම අයෙකු සමග කතා කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ඇතැම් අමාත්‍යවරුන්ගෙන් තමන් කතා කළේද යන්න විමසා ඇති බවත් ඉතා පහසුවෙන් දුරකතන ටැප් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
COMMENTS