පසුගිය ජනවාරි 04 වැනිදා ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පැවති සාදයක් අතරතුර සිදුවූ ගැටුමක් අතරතුර තරුණයකු මියයාමේ සිද්ධියේ මරණ පරීක්ෂණයේදී උසාවි ස...
පසුගිය ජනවාරි 04 වැනිදා ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පැවති සාදයක් අතරතුර සිදුවූ ගැටුමක් අතරතුර තරුණයකු මියයාමේ සිද්ධියේ මරණ පරීක්ෂණයේදී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ලබා ගත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණයවී ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එම සිදුවීමේදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදුකළ පොලිස් කොමිසම එහි නිගමනය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇතොත් දින 14ක් ඇතුළත දන්වන ලෙස ද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී තිබේ.
COMMENTS